මොරටුව ප්‍රදේශයේ පාසලක සිසුවියන් 13 දෙනෙකු කිසියම් රසායනික ද්‍රව්‍යයක් ශ්වසනය වීම හේතුවෙන් ඇති වූ අසනීප තත්ත්වයක් මත අද (13) දහවල් පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ. පාසල් රසායනාගාරය තුළ සිදුකළ පරීක්ෂණයකදී මෙම රසායනික ද්‍රව්‍යය ශ්වසනය වී ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
කෙසේ වෙතත්, රෝහල් ගත කර ඇති සිසුවියන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් මේ වන විට රෝහල් කාර්ය මණ්ඩලයේ සමීප අධීක්ෂණය යටතේ පසුවන බවත් රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාසල් බලධාරීන් සහ සෞඛ්‍ය අංශ විසින් ඉදිරි විමර්ශන පවත්වනු ලබයි.














