• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ ආණ්ඩුව ඇහුවාට ….. ! වැඩ කරන්නේ නෑ – රංගන ශිල්පි ජගත් කියයි 

4 September 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආණ්ඩුව කලාකරුවන්ගේ ප‍්‍රශ්නවලට ඇහුම්කන් දෙන බවක් පෙනුනට යෝජනා කි‍්‍රයාත්මක කරන්නේ නැති බව  රංගන ශිල්පි ජගත් මනුවර්ණ මහතා පවසයි.  අද (04) සමාජවාදි කලා සංගමය විසින් කැඳ වු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිිටියේ  ටෙලිනාට්‍ය ශිල්පීන් යෝජනා කළේ ආනයනය කරන ටෙලිනාට්‍ය සඳහා බදු පනවන්න කියා නමුත් ආණ්ඩුව කළේ දේශීය නිර්මාණකරුවන්ට බදු පනැවීම සිදු කර ඇති බවයි. නමුත් අධෛර්යට පත්කළ යුත්තේ ටෙලිනාට්‍ය ආනයනය කිරීම බව ද හෙතෙම කියා සිිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු  රංගන ශිල්පි ජගත් මනුවර්ණ මහතා ”  සිනමා ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් මතුුවෙලා තිබෙන ගැටලූ සම්බන්ධයෙන් අවධානය යොමුකරන්න මම කැමතියි. අද තරුණ සිනමාකරුවන් චිත‍්‍රපටයක් හදන්න නිෂ්පාදකවරයෙක් හොයාගන්න ලොකු මහන්සියක් දරනවා. ඒක ලේසි පහසු කටයුත්තක් නොවෙයි. ඉතා අමාරුවෙන් නිෂ්පාදනය කරගන්නා නිර්මාණයක් රිලීස් කරගන්න අවුරුදු ගාණක් බලාගෙන ඉන්න සිදුවෙලා. 
 
උදාරහණයක් විදිහට ජාත්‍යන්තර සම්මානයට පාත‍්‍ර වුණු බොරදිය පොකුණ චිත‍්‍රපටය අවුරුදු 10ක් පමණ තිරගත කරගන්න බැරුව පැත්තකට දාලා තිබුණා. ඉන් පසුවත් තිරගත කළේ පෞද්ගලික බෙදාහරින්නකුගේ මැදිහත්වීමෙන්. ආණ්ඩුවේ චිත‍්‍රපට සංස්ථාවෙන් කිසිදු සහයෝගයක් ලැබුණේ නැහැ. නිනෝ ලයිව්, මෝට බයිසිකල් වැනි නිර්මාණවලටත් අත්වෙලා තිබුණේ ඒ ඉරණමම තමයි. අද තරුණ සිනමාකරුවන්ට කිසිදු රාජ්‍ය අනුග‍්‍රහයක් නැහැ. ජාතික චිත‍්‍රපට සංස්ථාව තිබෙන්නේ මොකටද කියලා ප‍්‍රශ්නයක්. 
 
2015 ජනවාරි 08න් පසුව හැදුණු ආණ්ඩුවෙන් කලාකරුවන්ට කිව්වා, ආණ්ඩුවට යෝජනා දෙන්න කියලා. චිත‍්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංගමය විශාල අධ්‍යයනයක් කරලා යෝජනා මාලාවක් ආණ්ඩුවට බාරදුන්නා. ස්වාධීන සිනමාකරුවන්ගේ එකමුතුවත් සහයෝගය ලබාදුන්නා. ඉතාම පැහැදිලි යෝජනා ඉදිරිපත් කර තිබියදීත් වර්තමාන ජනාධිපතිවරයා තවත් පිරිසක් එක්කරගෙන වෙනත් යෝජනාවලියක් හදලා චිත‍්‍රපට බෙදාහැරීමේ බලය මුළුමනින්ම චිත‍්‍රපට සංස්ථාවට පවරා ගත්තා. ඒක චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රයේ නිර්මාණකරුවන්ගේ යෝජනාවක් නොවෙයි. එම තීරණය ක්‍ෂේත‍්‍රයට සේවයක් නොවෙයි. මොකද, ජාතික චිත‍්‍රපට සංස්ථාව පහුගිය කාලයේ ලංකාවේ චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් කරපු දෙයක් නැහැ. 
 
මේ වනවිට තිරගත කරගත නොහැකිව චිත‍්‍රපට විශාල ප‍්‍රමාණයක් හිරවෙලා තිබෙනවා. එසේ තිබියදී යම් යම් දේශපාලන අනුග‍්‍රහය දක්වන චිත‍්‍රපටි පෝලිමෙන් පැනලා තිරගත වෙන්න නියමිතයි. තරුණ සිනමාකරුවන් තමන්ට දිනයක් ලැබෙන තුරු බලාගෙන ඉන්නවා. මීට පෙර පෞද්ගලික බෙදාහරින්නන් සිටියා. නමුත් දැන් ඉන්නේ චිත‍්‍රපට සංස්ථාව පමණයි. චිත‍්‍රපට නිෂ්පාදකයා තමන්ගේ වියදම පියවා ගන්න බලාගෙන ඉන්නවා. ඔවුන්ට ඒ දේ කරගන්න බැරිනම් නැවත නිර්මාණයකට යොමුවෙන්න හැකියාවක් නැහැ. 
 
ඒ වගේම අද සිනමා ශාලාවල ගැටලූ ගණනාවක් මතුවෙලා තිබෙනවා. ඒ වගේම පිටරටවලින් ආනයනය කරන චිත‍්‍රපට සම්බන්ධයෙන් ප‍්‍රශ්න තිබෙනවා. ආණ්ඩුව කලාකරුවන්ගේ ප‍්‍රශ්නවලට ඇහුම්කන් දෙන බවක් පෙන්වනවා. නමුත් යෝජනා කි‍්‍රයාත්මක කරන්නේ නැහැ. ටෙලිනාට්‍ය ශිල්පීන් යෝජනා කළේ ආනයනය කරන ටෙලිනාට්‍ය සඳහා බදු පනවන්න කියලයි. නමුත් ආණ්ඩුව කළේ දේශීය නිර්මාණකරුවන්ට බදු පනැවීමයි. අධෛර්යට පත්කළ යුත්තේ ටෙලිනාට්‍ය ආනයනය කිරීමයි. නමුත් ආණ්ඩුව අධෛර්යට පත්කළේ දේශීය නිර්මාණකරුවනුයි. මීට පෙර චිත‍්‍රපටකරුවෙකුට බදු නිදහසක් ලබාදී තිබුණා. නමුත් ආණ්ඩුව දැන් එය සම්පූර්ණයෙන් ඉවත් කරලා. 
 
පහුගිය කාලයේ රජය සතු රංගන ශාලා අලූත්වැඩියා කරන්න පටන් ගත්තා. විශේෂයෙන් පහුගිය පාලනය කටයුතු කළේ ‘පිස්සු ළිඳේ වතුර බීපු පිරිසක්’ වගේ. හොඳම උදාහරණය තමයි නෙළුම් පොකුණ. නෙළුම් පොකුණ ඉදිකිරීමේදී අඩුපාඩු රැුසක් සිදුවෙලා තිබෙනවා. රුසියානු බැලේවලට ගැලපෙන ලෙස තමයි එම රංග ශාලාව හදලා තිබෙන්නේ. පේ‍්‍රක්ෂකාගාරයේ ඇතැම් සීට්වලට වේදිකාව පෙන්්නේ නැහැ. සපත්තු දාගෙන වේදිකාවට නගින්න බැහැ. ලංකාවට ගැලපෙන රංගන ශාලාවක් නොවේ. සාමාන්‍යයෙන් ඒක නඩත්තු කරගන්න බැරි තරමේ ශාලාවක්. අද එය නඩත්තු කරන්නේ හමුදාවෙන් දාලා. රටක් වුණාම තමන්ගේ රටට ගැලපෙන විදියේ ඉදිකිරීම් කරන්න  ඕනෑ. අද ජෝන්ද සිල්වා සමරු රඟහලත් අලූතින් ඉදි කරනවා. අනුරාධපුරයේ රංගන ශාලාවක් හදන්න පටන් අරගෙන. ඒත් මෙම රංගන ශාලා කලාකරුවන්ට ප‍්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට ඉදිවෙන්නේ නැති එක ගැන ප‍්‍රශ්නයක් තිබෙනවා. කලාකරුවන් විදිහට අපි මේ අඩුපාඩු අවස්ථා ගණනාවකදීම පෙන්වලා දීලා තිබෙනවා. නමුත් ආණ්ඩුව තමන්ට  ඕනෑ දේ කරනවා. මේ ඉදිකිරීම් දැක්කාම අපිට හිතෙන්නේ මේවා ඉදි කරන්න් වේදිකාවක ජහුටා එකක්වත් බලපු නැති අය බවයි. සාමාන්‍යයෙන් මෙවැනි රංගන ශාලා හදන්නේ මහළු අයට, ආබාධිත අයට රෝද පුටුවකින් ඇතුල් වෙන්න පුළුවන් පිවිසුම් සහිතවයි. නමුත් ජෝන්ද සිලාව එකේ එවැනි පහසුකමක් නැහැ. ඒ වගේම ඩෙ‍්‍රසින් රූම්වල ප‍්‍රමිතියක් නැහැ. ඒ සියල්ල අමතක කරලා තමයි ඉදිකිරීම් සිදුකරමින් තිබෙන්නේ යැයි  රංගන ශිල්පි ජගත් මනුවර්ණ මහතා වැඩිදුරටත් කියා සිටියේය. 
Post Views: 1
Previous Post

විග්නේෂ්වරන් කරපු දෙයක් නෑ – ඇමති චම්පික රණවක

Next Post

පොදු විපක්ෂයේ කරන දේවල් ගැන තොරුතුරු ලැබිලා – ඇමැති රංජිත් කියයි 

editor

editor

Next Post

පොදු විපක්ෂයේ කරන දේවල් ගැන තොරුතුරු ලැබිලා - ඇමැති රංජිත් කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

1 July 2025
සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025

Recent News

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

1 July 2025
සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

1 July 2025
සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved