තොඩුවාව පොලිස් වසමට අයත් බරැදැල්පොල පාලම ආසන්නයේ තල්විල මොයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු අද (23) උදෑසන දියේ ගිලී අනතුරකට ලක්ව තිබේ. ප්‍රදේශවාසීන් වහා මැදිහත් වී තරුණයින් දෙදෙනා බේරාගෙන මාරවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, එහිදී එක් තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි. අනෙක් තරුණයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය සම්බන්ධයෙන් තොඩුවාව පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














