• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අසත්‍ය චෝදනා කරපු අය අද නිරුත්තර වෙලා – පොහොට්ටුවේ මහලේකම් සාගර කියයි

21 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අප රට සංවර්ධනය කළ, රට වෙනුවෙන් විශාල කාර්යභාර්යයක් කළ නායකයින්ට අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටි කණ්ඩායමක් අද වන විට ඔවුන්ට චෝදනා එල්ල වී නිරුත්තර වී බලා සිටින බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද ( 21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “පහුගිය සතියේ අපි අපේ පළාත් පාලන ආයතනවල හිටපු පළාත් පාලන ප්‍රධානීන් තිස් දෙනෙකු සමඟ ජනාධිපතිවරයා මුණගැහෙන්න ගියා. දැන් පළාත් පාලන ඡන්දයට නාමයෝජනා ලබාදිලා සෑමදෙනාම අපේක්ෂකයින් ලෙස ඉන්නේ. මේ අපේක්ෂයින් ලෙස ඔවුන් ඉදිම මේ අවස්ථාව වන කොට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා.පළාත් පාලන ඡන්ද විමසීමට නාමයෝජනා භාරදීපු සියලුම අපේක්ෂකයින්ට මේ වන කොට ඔවුන්ගේ සුපුරුදු සමාජ කටයුතුවල යෙදෙන්නට නොහැකි තත්වයකට පත්වෙලා තිබෙනවා. මේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රිවරු හැටියට හිටියේ දේශපාලනයට එන්න කලිනුත් බොහෝම සමාජ සේවා කටයුතු සහ සමාජය සමඟ ගැටෙන කටයුතුවල නිරතවෙච්ච පිරිසක්. මේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා දීම මත ඔවුන්ට තමන්ගේ සුපුරුදු සමාජ සේවා කටයුතුවලට තහංචි පැනවිලා තිබෙනවා. ඒ වගේම ඡන්ද පවත්වන්නෙත් නැහැ. ඒ වගේම ඔවුන්ට සුපුරුදු රැකියා ස්ථානයේ රැකියාව කරන්න අවස්ථාව නැති කරලා තිබෙනවා. මේ වගේ විවිධ ප්‍රශ්න රාශියක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණ කොමිසමට ලිඛිත ඉල්ලීමක් කරන්න අද දිනයේ. පුළුවන්තරම් ඉක්මණට මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරලා මේ පළාත් පාලන ඡන්දය පවත්වන්න කියලා. නමුත් යම් හෙයිකින් ඔබට හිතතෙනවානම් මේ ඡන්ද විමසීම ඉක්මණින් පවත්වන්න හැකියාව නැහැ කියලා වහාම මේ අපේක්ෂකයින්ට විවිධ තහංචි පනවමින් ඉදිරිපත් කරලා තිබෙන චක්‍රලේඛ අවලංගු කරන්න කියන ඉල්ලීම පක්ෂයක් හැටියට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට, අපේ පක්ෂයේ නායකයින්ට පුදුම විදිහට බොරු චෝදනා, අපහාස එල්ල කළා. මේ රට නිදහසින් පස්සේ වැඩියෙන්ම සංවර්ධනයකට යොමු කරපු , සංවර්ධනයක් මේ රටට ගෙනාපු නායකයෝ ඉන්නේ අපේ පක්ෂයේ. නමුත් තමන්ට ඇමතිකම් තිබිච්ච අවස්ථාවේදිවත් කිසිම අවස්ථාවක මේ රට වෙනුවෙන් කිසිම දෙයක් කරන්න අසමත්වෙච්ච, කවදාවත් මේ රට වෙනුවෙන් කිසිම දෙයක් නොකරපු, මේ රට විනාශ කරපු කණ්ඩායමක් කිසිම පදනමකින් තොරව රට සංවර්ධනය කරපු නායකයින්ට විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාට , බැසිල් රාජපක්ෂ මැතිතුමාට සහ අපේ පක්ෂයේ හිටපු නායකයින්ට හොරු කියන, වංචනික කියන බොරු චෝදනා කරමින් කිසිම සාක්ෂියක් නොමැතිව බොරු චෝදනා කළා. මෙහෙම කරලා අද ඔවුන්ට ඒ චෝදනාව ඔවුන් වෙත කැරකිලා ඇවිල්ලා තිබෙනවා. මේ චෝදනාව කරන්නේ අපි නොවේ. චෝදනාව කරන්නේ ඔවුන් සමඟ එකට දේශපාලනය කරපු ඔවුන්ගේ සටන් සගයින් තමයි ඔවුන්ට චෝදනා කරන්නේ ඉතාම බරපතල විදිහට. පහුගිය කාලයේ මේ රටට විදේශ ශ්‍රමිකයින්ට මුදල් එවන්න එපා කිව්වා. ඒ වගේම විදේශකයින්ට මේ රටට එන්න පටන් ගත්තාම මේ රටට විදේශකයින් එන එක නතර කරන්න පාරවල්වලට බැහැලා සිදුකළේ මේ රටට විදේශ සංචාරකයින් එන එක නතර කරන්න. මේ විදිහට සිදුකරලා මේ රටට එන විදේශ විනිමය හිතාමතා සැලසුම්සහගතව නතරකරන්න කටයුතු කරපු කණ්ඩායමක් මේ රටේ තිබුණු විදේශ විනිමය මහා විශාල ප්‍රමාණයක් ගෙනිහිල්ලා වෙනත් රටක ආයෝජනයක් කරලා තිබෙනවා නම් පළමුව ඒ මුදල් ලැබුනේ කොහොමද, කොහොමද වුණේ කියන කාරණය සම්බන්ධයෙන් රජය වහාම මැදිහත්වෙලා හොයලා බලන්න ඕන. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න. දැන් ඒක දෛවයේ සරදමක් වෙලා තිබෙනවා. මේ රට සංවර්ධනය කරපු, රට වෙනුවෙන් විශාල කාර්යභාර්යයක් කරපු නායකයින්ට බොරු චෝදනා කරමින් සිටි කණ්ඩායම අද ඔවුන්ට චෝදනා එල්ලවෙනකොට නිරුත්තරවෙලා බලාගෙන ඉන්න එක මේක ඔවුන්ට ස්භාවධර්මයෙන්ම විසින් දිපු දඩුවමක් විදිහට අපිට පේන්නේ.”යැයි මන්ත්‍රී සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

මිනිස් වෙළදාම මඩින්න ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහය ලැබෙන්නේ නෑ – ඇමති මනුෂ

Next Post

ජනපති සහ සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි

editor

editor

Next Post

ජනපති සහ සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved