අනුරාධපුර, එප්පාවල සහ ප්රියංකරගම යන ප්රදේශවල ස්ථාන දෙකකදී සිදු වූ වනඅලි ප්රහාරවලින් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අදාළ පොලිස් ස්ථාන මඟින් තහවුරු කර තිබෙනවා.
පළමු සිදුවීම වාර්තා වන්නේ එප්පාවල ප්රදේශයෙනි. එහි කැලේ අමුණුකොලේ වැව් ඉස්මත්තේ පිහිටි කුඹුරක අද පෙරවරු 8.00 ට පමණ වගා කටයුතුවල නිරත වෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු තනි අලියෙකුගේ ප්රහාරයකට ලක්ව එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කළ 36 හැවිරිදි කාර්මික නිලධාරියෙකු වන උදය චන්දන පලුගස්වැව නැමති විවාහක දෙදරු පියා සහ එම ප්රදේශයේම පදිංචිව සිටි 48 හැවිරිදි අවිවාහක ගොවියෙකු වන දිසානායක මුදියන්සේලාගේ මංගල ප්රසාද් නැමති අයයි.
දෙවන සිදුවීම ප්රියංකරගම ප්රදේශයෙන් වාර්තා වන අතර, එහිදී සිය නිවසේ ගෙවත්තේ වගා කටයුතු කරමින් සිටි 51 හැවිරිදි කිරිහාමිගේ රංග ධර්මචන්ද්ර කුමාර නැමති දෙදරු පියා වනඅලි ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ සාත්තු සේවකයෙකු ලෙස සේවය කළ අයෙකි. මෙම කනගාටුදායක සිදුවීම් පිළිබඳව එප්පාවල සහ ප්රියංකරගම පොලිස් ස්ථාන මඟින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.














