ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙකු අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. කියුබාව, කටාර් රාජ්‍යය සහ ස්ලෝවේනියාව යන රටවල් නියෝජනය කරමින් මෙම නව තානාපතිවරුන් පත්ව සිටින අතර, අක්තපත්‍ර පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද සාකච්ඡාවක ද නිරත විය. මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා ද සහභාගී වූහ.














