ඊයේ (12) සිට ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම පාලනය කිරීම සඳහා එහි වාන් ගේට්ටු තුනක් අද (13) දහවල් විවෘත කර තිබේ. ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර මහතා සඳහන් කළේ තත්පරයට ඝන මීටර් 21.0 ක වේගයකින් ජලය පිට කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.
මහවැලි සී කලාපයේ වාරි ජල ඉල්ලුම අවම වීම සහ මාදුරුඔය ජලාශයට උපරිම ජල ධාරිතාවක් නිකුත් කිරීමට සිදුවීම හේතුවෙන් ජලාශයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ. මාපාකඩ කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතාගේ උපදෙස් මත මෙම කටයුතු සිදු කෙරෙන අතර, මෙම ජලය මුදා හැරීම හේතුවෙන් ගිරාදුරුකෝට්ට – රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව භාවිත කිරීමට කිසිදු බාධාවක් නොවන බව ද බලධාරීන් තහවුරු කර ඇත.














