දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර පරගස්තොට ප්‍රදේශයේදී අද සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. මාතර දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි. තුවාල ලැබූවන් කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර හේතුවෙන් එම මාර්ගයේ යම් රථවාහන තදබදයක් ද හටගෙන තිබුණි.














