ටිබෙටයේ රික්ටර් මාපකයේ ඒකක 4.3ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් අද (29) සිදුව තිබේ. ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයකට අනුව මෙම භූමිකම්පාව පොළොව මතුපිට සිට කිලෝමීටර් 145ක් ගැඹුරින් සිදුවී ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මීට දින දෙකකට පෙර එනම් මාර්තු 27 වන දින ද එම ප්‍රදේශයේම තවත් භූමිකම්පාවක් සිදුව තිබුණි. එය රික්ටර් මාපකයේ ඒකක 3.2ක ප්‍රබලත්වයකින් යුක්ත වූ අතර කිලෝමීටර් 40ක් ගැඹුරින් එම කම්පනය වාර්තා වී තිබේ.
අද සිදුවූ භූකම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් නිල වාර්තා කිසිවක් ලැබී නොමැති නමුත් කෙටි කාලයක් තුළ එකම කලාපයක භූකම්පන දෙකක් වාර්තා වීම පිළිබඳව භූ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇත.















