ලොව සුප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් (Tiger Woods) ෆ්ලොරිඩාහිදී සිදු වූ රිය අනතුරක් සහ ඒ ආශ්‍රිතව එල්ල වූ චෝදනා හමුවේ සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා ක්‍රීඩාවෙන් තාවකාලිකව සමුගන්නා බව අද (01) නිවේදනය කළේය. 50 හැවිරිදි වියේ පසුවන ඔහු පසුගිය සිකුරාදා සිය මෝටර් රථය ට්‍රක් රථයක ගැටී පෙරළී යාමෙන් අනතුරුව අත්අඩංගුවට පත්විය.
පොලිස් වාර්තාවලට අනුව අනතුර සිදුවන අවස්ථාවේ වුඩ්ස් සන්තකයේ ප්‍රබල වේදනා නාශක ඖෂධ තිබී ඇති අතර, ඔහු දැඩි ලෙස දහඩිය දමමින් මන්දගාමී ස්වභාවයකින් පසුවූ බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, “මා පත්ව සිටින තත්ත්වයේ බරපතලකම මට වැටහෙනවා. මගේ යහපැවැත්ම සහ ස්ථිර සුවය සඳහා මම ප්‍රතිකාර ලබා ගැනීමට කාලය වෙන් කරනවා,” යනුවෙනි.
මීට පෙර 2009, 2017 සහ 2021 වසරවලදී ද ටයිගර් වුඩ්ස් විවිධ රිය අනතුරුවලට සහ නීතිමය ගැටලුවලට මුහුණ දී තිබුණි. 15 වතාවක් මේජර් ශූරතා දිනා ඇති මෙම අසහාය ක්‍රීඩකයාට PGA සංගමය සිය පූර්ණ සහය පළ කර ඇති අතර, ඔහුගේ සෞඛ්‍යය අනෙක් සෑම දෙයකටම වඩා වැදගත් බව අවධාරණය කර තිබේ. ලබන මාසයේ පැවැත්වීමට නියමිත ‘මාස්ටර්ස්’ (Masters) තරගාවලියට ඔහු සහභාගී වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටියද, මෙම තීරණයත් සමඟ එය අවිනොශ්චිත වී ඇත.














