ලොව සුප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන ටික්ටොක් (TikTok) සමාගම සිය යුරෝපීය පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුරෝ බිලියනයක (අමෙරිකානු ඩොලර් බිලියන 1.16 ක) ආයෝජනයක් සහිතව සිය දෙවන දත්ත මධ්‍යස්ථානය ද ෆින්ලන්තයේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ෆින්ලන්තයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ලාති (Lahti) නගරයේ මෙය ඉදිකිරීමට නියමිත බව සමාගම් නිලධාරීන් අද (08) තහවුරු කළේය.
ටික්ටොක් සමාගමේ මව් සමාගම වන බයිට්ඩාන්ස් (ByteDance) ආයතනය පසුගිය ජනවාරියේදී අමෙරිකානු තහනමකින් බේරීමට සමත් වූ අතර, මෙම නව ආයෝජනය ඔවුන්ගේ යුරෝ බිලියන 12 ක යුරෝපීය දත්ත ස්වෛරීභාවයේ වැඩසටහනේ කොටසකි. ෆින්ලන්තයේ පවතින සිසිල් දේශගුණය සහ අඩු පිරිවැයකින් යුතු බලශක්තිය මෙවැනි දත්ත මධ්‍යස්ථාන ආකර්ෂණය කර ගැනීමට ප්‍රධාන හේතුව වී තිබේ. කෙසේ වෙතත්, ජාතික ආරක්ෂාව සහ විනිවිදභාවය පිළිබඳ ගැටලු පවසමින් ෆින්ලන්තයේ සමහර දේශපාලනඥයන් මීට පෙර මෙම ව්‍යාපෘතිය කෙරෙහි සිය සැකය පළ කර තිබුණි.
2027 වසර වන විට මෙම දෙවන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමට ටික්ටොක් සමාගම අපේක්ෂා කරයි.















