සුප්‍රකට හොලිවුඩ් නළු තිමති චැලමේ (Timothée Chalamet) විසින් බැලේ (Ballet) සහ ඔපෙරා (Opera) කලාවන් පිළිබඳව සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් කලා ලෝකය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. පසුගිය පෙබරවාරි මාසයේදී ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ පැවති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර තිබුණේ බැලේ සහ ඔපෙරා වැනි කලාවන් පිළිබඳව වර්තමාන ප්‍රේක්ෂකයන් වැඩි උනන්දුවක් නොදක්වන බවත්, ඒවා බලහත්කාරයෙන් පවත්වාගෙන යාමට උත්සාහ කරන දේවල් බවත්ය.
“මට බැලේ හෝ ඔපෙරා වැනි ක්ෂේත්‍රවල වැඩ කිරීමට අවශ්‍ය නැහැ. කිසිවෙකු උනන්දු නොවුණත් ‘මේවා පවත්වාගෙන යන්න’ යැයි කියන දේවල්වලට මම කැමති නැහැ,” යනුවෙන් ඔහු පවසා තිබුණි. ඔහු පසුව එම ක්ෂේත්‍රවල නියැලෙන්නන්ට ගෞරව කරන බව පැවසුවද, ලොව ප්‍රමුඛ පෙළේ බැලේ සහ ඔපෙරා සමාගම් මෙන්ම ප්‍රවීණ ශිල්පීන් ද ඔහුගේ මෙම අදහස දැඩි ලෙස විවේචනය කර තිබේ. කෙසේ වෙතත්, ඇතැම් කලා ආයතන මෙම ප්‍රකාශය තම ප්‍රවර්ධන කටයුතු සඳහා අවස්ථාවක් කර ගනිමින් ප්‍රතිචාර දක්වා ඇති බව ද වාර්තා වේ.














