පවතින වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ වී ගබඩාවල තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා, රජයේ වත්මන් වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනයට ලක් කළේය. එහිදී ඔහු කියා සිටියේ රජය බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් පොරොන්දු සහ වත්මන් ක්‍රියාකලාපය අතර විශාල පරස්පරතාවක් පවතින බවයි.
බලයට පත්වීමට පෙර රජය විසින් වී ගොවියාට ලබා දෙන බව පැවසූ සහන සහ සහතික මිල සම්බන්ධයෙන් වූ ප්‍රකාශ දැන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. “ආණ්ඩුව ගන්න කලින් කිව්ව කතාවද ඇත්ත කතාව, නැත්නම් දැන් කරන වැඩේද ඇත්ත වැඩේ?” යනුවෙන් ඔහු බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේ ගොවීන්ට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පෙන්වා දෙමිනි.
ගොවීන්ගේ නිෂ්පාදන සඳහා නිසි මිලක් නොලැබීම සහ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී වීම හේතුවෙන් ගොවි ජනතාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත්, රජය වහාම මැදිහත් වී ගොවියාට සාධාරණය ඉටු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.













