හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාර කපමින් සිටින්නේද යන්න පිළිබඳව තමන්ට දැඩි සැකයක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි. රටට හිතැති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සැලසුම් කරන අතරතුර, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකුගේ දේපළ නිදහස් කර ඇති බවට ඔහු චෝදනා කළේය.
වත්මන් ජනාධිපතිවරයා වෙත පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා යනු රටේ වසර පහක කාලයකට පත් වූ තාවකාලික භාරකරුවෙකු පමණක් බවත්, බලය නමැති “හැන්ද” අතට ලැබී ඇති මොහොතේ වැරදි තීන්දු නොගන්නා ලෙසත් අවධාරණය කළේය.
















