• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රජයේ අඩු ආදායම්ලාභී නිවාසලාභීන්ට වසරක් තුළ හිමිකම් ඔප්පු – ඇමති ප්‍රසන්න

24 August 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මගින් නිවාස ලබාදුන් නිවාසලාභීන්ට හිමිකම් ඔප්පු ඉදිරි වසරක කාලය තුළ ලබා දී අවසන් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ‍

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (23) දින පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

අඩු ආදායම්ලාභී පුද්ගලයන් සදහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතන වන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය යන ආයතනයි.

මෙම ආයතන තුන මගින් මේ වනවිට අඩු ආදායම්ලාභීන්ට ලබා දී ඇති නිවාස සංඛ්‍යාව 32,933 කි. ඉන් මේවන විට හිමිකම් ඔප්පු ලබා දී ඇත්තේ නිවාස හිමියන් 10,625 කට පමණි. ඒ අනුව එම ආයතන ලබා දීමට ඇති හිමිකම් ඔප්පු සංඛ්‍යාව 22,308 බවද සාකච්ඡාවේදී අණාවරණය විය.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් 1,326 දෙනෙකු සදහා නිවාස ලබා දී ඇති අතර ඉන් ඔප්පු 545 ක් නිවාසලාභීන් වෙත ලබා දී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට අඩු ආදායම්ලාභීන් සදහා ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව 14,607 කි. පවුල් 12,000 පමණ එම නිවාසවල පදිංචි වී තිබේ. ඉන් හිමිකම් ඔප්පු ලබා දී ඇත්තේ 80 කට ආසන්න පිරිසකට බවත්, එම නිවාස සහාධිපත්‍ය දේපලක් බැවින් එහි අනුමැතිය හිමි නොවීම වැනි ගැටළු මේ සදහා බලපා ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා මෙහිදී කියා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති සරණ කරුණාරත්න මහතා සදහන් කළේ වසර 08 ක පමණ කාලයක් තිස්සේ සහාධිපත්‍ය දේපල සම්බන්ධ පනත සංශෝධනය කර ගැනීමට උත්සාහ දරණ බවයි. ඒ සදහා අධිකරණ අමාත්‍යාංශය මගින් කමිටුවක් පත්කර තිබුණද එයද මේ වනවිට ක්‍රියාත්මක නොවන බව සභාපතිවරයා සදහන් කළේය. අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කර කඩිනමින් පනත සංශෝධනය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇමතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යධිකාරී කේ.ඒ. ජනාක මහතා සදහන් කළේ නිවාස ව්‍යාපෘති 108 ක් අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන බවයි. ඉන් නිවාස 17,000 ක් නිවාසලාභීන් වෙත ලබා දී තිබේ. ඉන් 10,000 පමණ ඔප්පු ලබා දී ඇතැයි සාමාන්‍යාධිකාරීවරයා සදහන් කළේය. ඔප්පු ලබා දීම පිළිබදව සංගණනයක් සිදු කෙරෙන බවද ඔහු කීවේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේ නිවාසලාභී පුද්ගලයකුට එම නිවසේ හිමිකම් ඔප්පුව කඩිනමින් ලබා දීම අදාල ආයතනයේ වගකීමක් බවයි. ආයතන මට්ටමින් පවතින ගැටළු අභ්‍යන්තර ක්‍රමවේදයක් මගින් විසදා ගත යුතු බවත් ඊට අවශ්‍ය ප්‍රතිපත්ති තීන්දු ගැනීමට සුදානම් බවත් අවධාරණය කළ ඇමතිවරයා දිගින් දිගටම හිමිකම් ඔප්පු ලබා දීම ප්‍රමාද වී ඇති බැවින් තවදුරටත් ඒ සදහා ඉඩ දිය නොහැකි බවත් කීවේය. එබැවින් ඉදිරි වසරක කාලය තුළ සියළු දෙනාට හිමිකම් ඔප්පු ලබා දීමට පියවර ගත යුතු බවටද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක, අතිරේක ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත රත්නායක, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති සරණ කරුණාරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී කේ.ජේ. ජනාක යන මහත්වරු ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

Post Views: 5
Previous Post

ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරුන් මාධ්‍ය සහ අධිකරණය සෙල්ලමට අරන් – විපක්ෂනායක සජිත්

Next Post

හෘද සාක්ෂියට එකඟව වගකීම් ඉටු කරන්න – මන්ත්‍රී ඩි.බී.හේරත්

editor

editor

Next Post

හෘද සාක්ෂියට එකඟව වගකීම් ඉටු කරන්න - මන්ත්‍රී ඩි.බී.හේරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved