රට තුළ ඖෂධ අවශ්‍යතාවය කාර්යක්ෂමව සපුරාලීම සහ ඖෂධ හිඟය අවම කිරීමට ඒ හා සම්බන්ධ සියලු ආයතන මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළයුතු බව ආචාර්ය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
සෞඛ්‍ය සේවාව හා ඖෂධ යනු ජනතාවගේ ජීවිත හා ප්රමුඛව බද්ධ වූ ක්ෂේත්රයක් බැවින් ඒ තුළ විකල්ප නොමැති බවත් එනිසා එම ක්ෂේත්‍රයන්වල කටයුතු කිරීමේ දී මනා සම්බන්ධීකරණය හා කළමනාකරණය ප්රමුඛව බලපාන බවද හෙතෙම පැවසිය.
සෞඛ්‍ය හා ඖෂධ ක්ෂේත්රයේ සිදු කරන සෑම ක්‍රියාවලියක් තුළම අඛණ්ඩ අධීක්ෂණය සහ පසු විපරම වඩාත් වැදගත් වන බවත් ඒ හරහා එහි සැපයුම් ජාලය අඛණ්ඩව පත්වාගෙන යාමට හැකි වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඖෂධ නිෂ්පාදනය, නියාමනය, සැපයීම, බෙදාහැරීම හා සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු ආයතනයන්හි ප්‍රධානීන් සමඟ එම අමාත්‍යංශයේදී ඊයේ (23) පැවති සාකච්ඡාවකදිය.
මේ සඳහා වෛද්‍ය සැපයුම් අංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව,රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ආසියානු සංවර්ධන බැංකුව ආදී සියලු ආයතනයන්හි අදාළ නිලධාරීන් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,අතිරේක ලේකම් වරුන් වන වෛද්‍ය සමන් රත්නායක, වයි.එල්.එම්. නවාවි, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය යූ.ඒ. මෙන්ඩිස්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න, ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘති අධ්යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ( වෛද්‍ය සැපයුම් අංශය) වෛද්‍ය ඩී.ආර්.කේ. හේරත් ඇතුළු සියලු ආයතන ප්‍රධානීන් ද ඖෂධවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. ගලප්පත්ති මහත්මිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ හා ඖෂධ ක්ෂේත්රයේ විද්වතුන්, ප්‍රධානීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.