• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

ශ්‍රී ලංකාවේ පූර්ව ළමාවිය අධ්‍යාපනයේ විප්ලවීය චරිතය තකිකෝ යොෂිඩා මැතිණියගේ විසි තුන්වන ගුණසමරුව අදයි

7 December 2023
in විශේෂාංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

1970 ඇරඹී දශකයේ අග භාගය වනතුරු ලංකාවේ පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ හෝ පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ පැවති උනන්දුව ඉතාම අල්පය.එකල මෙරට පෙරපාසල් අධ්‍යාපනයට යොමු වී සිටියේ 5% තරම් සුළු සංඛ්‍යාවකි.

එසේම එය මෙරට නාගරික ප්‍රභූ පංතියේ පංතිමය විලාසිතාවක් මිස අධ්‍යාපන මෙවලමක් ලෙස සැලකුනේ නැත..එසේම එකල මෙරට රජයන් ද මේ රටේ පෙරපාසල් අධ්‍යාපනය යන්න ජාතික අධ්‍යාපනයේ ප්‍රධාන පදනම ලෙස හෝ ළමයෙකුගේ අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් ලෙස නොසැලකූ සාධකයක් විය.විශේෂයෙන් එකල මෙරට පෙරපාසල් බහුතරයක් ක්‍රියාත්මක වූයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා මෙරට සාමාන්‍ය පංතියේ දරුවන්ට හා දෙමව්පියන්ට පෙරපාසල් අධ්‍යාපනය බොහෝ දුරින් පිහිටි ඉසව්වක් විය.

මෙවැනි වටාපිටාවක් තුළය බානගල උපතිස්ස හිමියෝ ජපානයේ තකිකෝ යොෂිඩා මැතිණියගේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජපානයේ පෙරපාසල් සම්ප්‍රදායේ ප්‍රථම පෙරපාසල 1979 ජුනි 26 දා සපුගස්කන්ද අබේසේකරාරාමයේ යොෂීඩා පෙරපාසල නමින් ස්ථාපිත කරන්නේ. එය මෙරට ප්‍රථම අංග සම්පූර්ණ විධිමත් පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපන ආයතනය විය.එතැනින් පටන් ගත් මෙරට පෙර පාසල් අධ්‍යාපන විප්ලවය අද වනවිට මේ රටේ 90% දරුවන් පෙර පාසල් අධ්‍යාපනයට යොමු කරවීමට සහ පෙර පාසල් අධ්‍යාපනය දරුවෙකුට අනිවාර්ය අධ්‍යාපන සාධකයක් ලෙස දෙමව්පියන් තුළ තහවුරු කර හමාරය.

කවුද මේ ඔකාසාන් (අම්මා) හෙවත් තකිකෝ යොෂිඩා මැතිණිය

වර්ෂ 1908 අගෝස්තු මස 16 වන දින ජපානයේ කි‍යුෂු (Kuyshu) ප්‍රාන්තයේ ප්‍රභූ පවුලක උපත ලැබූ ඇය පසු කලෙක ජපානයේ තෝකියෝ නුවර අතිශය ප්‍රකට විසල් මහ රෝහලක් වන යොෂිඩා පෞද්ගලික රෝහලේ හිමිකාරිය බවට පත්වූවාය.එය පිහිටුවනු ලැබූයේ ඇයගේ සැමියා වෛද්‍ය කිෂි යොෂිඩා(Dr.Kishi yoshida ) මහතාය. ඇයගේ පුතුන් දෙදෙනකු ද වෛද්‍යවරු වෘත්තිකයෝ වෙති .

තමන් උපයන ධනස්කන්ධය ගොඩ ගසා ගනිමින් සතුටු වන මේ ලෝකයේ මිනිසුන් අතරේ , යොෂිඩා මැතිණිය ඇයගේ ධනය අප රටේ බෞද්ධ ජනතාවගේ සහ දරුවන්ගේ යහපත සඳහා යෙදවීමට සහ තමන්ගේ පිහිට පිළිසරණ අවශ්‍ය තැනට නොමසුරුව යොමු කිරීමට පෙරමුණ ගත් මහා බෞද්ධ කතකි.. ජපන් මහායානික බෞද්ධ කාන්තාවක් වූ ඇය බොහෝ දුරට බැතිබර වූයේ ථෙරවාදී බුදු දහමටය.ඇය ථෙරවාදී බුදුදහම හදුනා ගත්තේ හැඩිගල්ලේ නා හිමියන්ගෙන් සහ බානගල උපතිස්ස හිමියන් ගෙනි. බානගල උපතිස්ස හිමියන් හා ඇයගේ ඇසුරට පදනම සැකසෙන්නෙ ඉන්දියාවේ සාංචි නුවර දී ඇයට හමුවන බානගල උපතිස්ස හිමියන් පුංචි තේ කෝප්පයකින් කළ සංග්‍රහයක් ඔස්සේය. යොෂිඩා මැතිනිය හා බානගල උපතිස්ස හිමියන් අතර ගොඩනැගෙන මව් පුත් වැනි මහා සෙනෙහේ සමාගමක් නිසා,යොෂිඩා මැතිණිය බානගල හිමියන්ව පලමුව ජපානයේ තම නිවසේ තබාගෙන ද පසුව ඔහුට වෙනම නිවසක් ලබා දී උන්වහන්සේගේ උසස් අධ්‍යාපනය කරගෙන යාමට අවස්ථාව සලසා දුන්නීය.

එහි දී බානගල හිමියන් උසස් අධ්‍යාපනයට තෝරාගන්නේ පෙර පාසල් අධ්‍යාපනය හෙවත් පූර්ව ළමාවිය සංවර්ධන විෂයය.ජපානයේ පෙර පාසල් අධ්‍යාපනයට එරට අධ්‍යාපනයේ ඉහළම ප්‍රමුඛත්වය ලබාදීම ජපාන රාජ්‍ය ප්‍රතිපත්තියයි.සිය අධ්‍යාපන කටයුතුවලින් පසුව මව්බිමට පැමිණෙන බානගල හිමියන් හා බැඳුණු යොෂිඩා මැතිණියගේ සබඳතාවය බිඳී ගියේ නැත.ඒ අනුව 1977 මෙරටට පැමිණෙන ඇය බානගල උපතිස්ස හිමියන්ගේ ඉල්ලීම පරිදිය, සපුගස්කන්ද අබේසේකරාරාමයේ යොෂීඩා පෙර පාසල දරුවන් 17 ගෙන් එම පුදබිමේ බෝ රුක සෙවනේ අරඹන්නේ. එය මෙරට ප්‍රථම අංග සම්පූර්ණ විධිමත් පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපන ආයතනය වූ අතර. අබේසේකරාරාමයේ යොෂිඩා පෙර පාසල ආරම්භ කිරීමෙන් පසු එහි ව්‍යුහය සහ එහි දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රවර්ධනය දුටු දෙමව්පියන් යොෂිඩා පෙර පාසලට තමන්ගේ දරුවන් ඇතුලත් කිරීමට මහත් තරඟකාරී උනන්දුවක් දැක්වූ බව සත්‍යයකි.එම තරගකාරීත්වය අදත් නොඅඩුව පවතී. අද මෙම යොෂීඩා පෙරපාසලේ දරුවන් පන්සියයකට ආසන්න පිරිසක් ද පෙරපාසලේම එහි දිගුවක් වන යොෂීඩා ජාත්‍යන්තර පාසලේ දහසකට ආසන්න දරුවන් පිරිසක් අධ්‍යාපනය ලබති.

එදා මෙම පෙර පාසල් අධ්‍යාපන වැඩසටහනේ අගය වටහා ගත් එකල අග්‍රාමාත්‍ය පසු කලෙක මේ රටේ ජනාධිපති වූ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් බානගල උපතිස්ස හිමියන්ට එම කටයුතු කරගෙන යාමට අතිශය ප්‍රබල සහයෝගයක් හා අනුග්‍රහයක් ලබා දුන්නේය .එසේම හේමා ප්‍රේමදාස මැතිනිය ද නිරන්තරයෙන් යොෂිඩා පෙර පාසලට පැමිණෙමින් එහි කටයුතු සොයා බැලූ බව බානගල හිමියෝ පවසති.

ඉන්පසු යොෂිඩා මැතිනියගේ සහ ජපානයේ දානපතියන්ගේ ආධාර උපකාර ඇතුව රට පුරා විවිධ ප්‍රදේශවල යොෂිඩා පෙර පාසල් ආරම්භ කිරීම සිදුවිය.විශේෂයෙන්රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ ඉල්ලීම පරිදි රද්දොළුගම, රන්පොකුණගම, මත්තෙගොඩ ආදී දැවැන්ත නිවාස යෝජනා ක්‍රම ආශ්‍රිතව යොෂිඩා පෙර පාසල් ස්ථාපිත කරනු ලැබීය.

හොරණ,නුවරඑළිය,බානගල,මරදානමාලිගාකන්ද,පොළොන්නරුව,මහනුවර,දඹදෙණිය,දිවුලපිටිය,මාතර,බද්දේගම,නාවුල,අගලවත්ත,පොල්ගස්ඕවිට,මාලඹේ යන ප්‍රදේශවල ද පසුව මෙම යොෂිඩා පෙර පාසල් ස්ථාපිත කරනු ලැබීය

ඒ සඳහා ගුරුවරියන් ජපානයට යවා සුවිශේෂී පුහුණුවක් ලබාදීම ද බානගල හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණ.නමුත් ජපානයට ගුරුවරියන් යැවීම අධික වියදම් සහිත කාරණයක් බැවින් ජපානයේ පෙරපාසල් විශේෂඥයන් මෙරටට ගෙන්වා,පෙරපාසල් ගුරු පුහුණු ආයතනයක් අබේසේකරාරාමයේ ආරම්භ කරනු ලැබීය. ඒ තුළින් මෙරට විධිමත් පෙර පාසල් ගුරු පුහුණුව ලැබූ ගුරුවරියන් දහස් ගණනක් බිහි කරනු ලැබීය.ඒ සඳහා ශක්තිය ලැබුණේ ද යොෂිඩා මැතිණියගෙන්ය. අප රටේ පෙර පාසල් පිළිබඳ දෙමවුපියන් තුළ උනන්දුවක් ඇතිවීම ආරම්භ වන්නේ යොෂිඩා පෙර පාසල් පද්ධතියේ ක්‍රියාකාරිත්වය ආරම්භ කිරීම සහ ඊට අනුබද්ධිතව ජපන් පෙර පාසල් අධ්‍යාපන සම්ප්‍රදායේ පූර්ව ලමාවිය සංවර්ධන පෙර පාසල් රට පුරා ස්ථාපිත කිරීමත් සමගය. ඒ් අනුව රට පුරා හතු පිපෙන්නාක් මෙන් පෙරපාසල් බිහිවීම ඇරඹෙන්නේ යොෂිඩා පෙර පාසල බිහිවීමේන් ඇති වූ පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපනයේ විප්ලවීය ප්‍රබෝධයත් සමඟය. රට පුරාම මෙම පෙරපාසල් විශාල ලෙස ව්‍යාප්ත වෙමින් පැවති නිසා ඒවාට අවශ්‍ය නිවැරදි පෙරපාසල් අධ්‍යාපනයේ මග පෙන්වීමට බානගල හිමියන්ගේ මැදිහත් වීමෙන් අධ්‍යාපන විශේෂඥයන්ගේ සහයෝගයෙන් එකල ප්‍රථම වතාවට පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ විෂය නිර්දේශය සංග්‍රහයක් සම්පාදනය කිරීම ද සිදු කෙරිණ.ඒ් සදහා ජපන් අධ්‍යාපනඥයන්ගේ සහය ලබා දෙමින් මෙරට අධ්‍යාපනයේ ඒ් මහා විප්ලවීය වෙනසට කර උර දුන්නේ ජපානයේ තකිකෝ යොෂිඩා මැතිනිය බව අපි කෘතවේදීව සිහිපත් කළ යුතු වෙමු.

ඇය අප රටට කළ මේ මහා මෙහෙවර සලකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් තකිකෝ යොෂිඩා මැතිනියට 1991 දී ශ්‍රී ලංකා රංජන ගෞරව ප්‍රසාද නාමය පිරිනමනු ලැබීය.ජනාධිපති ගෞරව ප්‍රසාද නාමයක් විදේශිකයෙකුට පිරිනමනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වේ. වසර 2000 පෙබරවාරි 28 දින යොෂිඩා මැතිණිය (92) අප අතරින් සමුගත්තාය. ඉන්පසු වර්ෂ 2008 දී ඇයගේ ජන්ම ශත සංවත්සර දිනයේ දී ඇය නමින් මුද්දරයක් සහ මුල්දින කවරයක් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලැබීය.ජපාන ජාතිකයෙකු වෙනුවෙන් මුද්දරයක් සහ මුල්දින කවරයක් අප රටේ නිකුත් කළ ප්‍රථම අවස්ථාව වන්නේ ද එයයි.ඉන්පසු සපුගස්කන්දේ සිට බියගම නිදහස් වෙළෙඳ කලාපය දක්වා දිවෙන දැවැන්ත මාර්ගය තකිකෝ යොෂිඩා මාවත ලෙස නම් කරනු ලැබුවේ ද ඇය මේ රටට කළ මහා මෙහෙවරට කෘතවේදීත්වය පළ කිරීමටය. යොෂිඩා මැතිනිය නමින් මේ රටේ ප්‍රදේශ කීපයකම මෙවැනි මාර්ග නම් කිරීම සිදුකර ඇතැයි ද බානගල හිමියෝ පවසති.
යොෂිඩා මැතිණිය අප රටට පෙන්වා දුන් වඩා නිවැරදි ළදරු අධ්‍යාපන මාවත ඔස්සේ ඉදිරියට ගිය මේ රටේ පෙර පාසල් අධ්‍යාපනය වෙනුවෙන් මේ වන විට රාජ්‍ය අමාත්‍යාංශයක් ද අදාල රාජ්‍ය ආයතන කිහිපයක් ද නීතිරීති ද රෙගුලාසි ද අද වනවිට ස්ථාපිත කර ඇත.

යොෂිඩා පෙර පාසල තවදුරටත් ඉදිරියට යමින් මේ වන විට යොෂිඩා ජාත්‍යන්තර පාසල ද සපුගස්කන්දේ අබේසේකරාරාම භූමියේ ස්ථාපිත වී ඇත. සපුගස්කන්දේ යොෂිඩා පෙර පාසල් මේ වන විට සිංහල සහ ඉංග්‍රීසි ද්විමාධ්‍ය පෙරපාසල් ලෙස ක්‍රියාත්මකව වේ.

පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ මේ ලෝකයට කළ හැකි සේවය කොතෙක් දැයි අපට ගණනය කළ නොහැක.එසේ ගණනය කළ නොහැකි ,කළ සේවයේ වටිනාකම මෙතෙකැයි කියා නිම කළ නොහැකි තරම් මහා සේවයක් කළ මහා පුණ්‍යවන්ත චරිතයකි ජපන් ජාතික තකිකෝ යොෂිඩා මැතිණිය.ඇය උපන් බිම වූ ජපානයටත් වඩා ඇයගේ සේවය ලබා දුන්නේ අප රටටය. ලංකාවටය.
බුදු දහමේ පදනම වූ පරෝපකාරය තමන්ගේ ජීවිතයේ පදනම කරගත් යොෂිඩා මැතිණිය අප රටට ඉටු කළ මේ මහ දැවැන්ත සේවය වෙනුවෙන් ඇයගේ විසි තුන්වන මෙම ගුණසමරු මොහොතේ අපි සියලු දෙනාම අයට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමු.

 

උපුල් ජනක ජයසිංහ
සභාපති – ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය

 

Post Views: 9
Previous Post

අලියාන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර NPS සමීක්ෂණයේදී අංක 01 Loyalty Leader වෙයි

Next Post

වරායේ රඳවාගෙන සිටින රූපලාවන්‍ය උපකරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසියට – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

වරායේ රඳවාගෙන සිටින රූපලාවන්‍ය උපකරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසියට - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved