මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂපාතනය හේතුවෙන් රත්තොට රිවස්ටන් මාර්ගයේ කදු බැවුම් සහිත ස්ථාන රැසක මාර්ගය සේදි ගොස් පස් කණ්ඩි කඩා වැටිම් සිදුව ඇති බවත් එය අනතුරුදායක තත්වයට පැමිණ ඇති බව ගැෆෙක් පරිසර සංවිධානයේ අධ්යක්ෂ පරිසරවේදි ගාමිණී ජයතිස්ස මහතා පවසයි.
නිරිත දිග මොසම් වර්ෂාව ආරම්භයත් සම මෙම තත්වය වැඩිවිය හැකි බවත් ප්‍රදේශයට මේ දිනවල නොසිතු වැසි අධීක ලෙස ඇදහැලිම හේතුවෙන් මෙය වැඩිවි ඇති බවත් මාර්ගයේ කාණු පද්ධතිය නිසි ලෙස සකස් නොකිරිම හා බෝක්කු ඇති ස්ථානවල ජලය නිසි ක්‍රමවේදයන් නොමැතිව බැස යාම හේතුවි ඇති බවත් ඇතැම් ස්ථානවල අක්‍රමවත් ලෙස මාර්ගවල දෙපස කපා දැමිම හේතුවෙන් මෙම තත්වය උග්‍ර අතට හැරි ඇති බවද ජයතිස්ස මහතා පැවසිය.
මේ වන විටත් මාතලේ රිවර්ස්ටන් හරහා ලග්ගල මාර්ගය මෙන්ම බී 274 මාර්ගය මහවැලි සංවර්ධන වැඩසටහනේ මොරගහකන්ද කළුගග ව්‍යාපෘතිය මගින් මූල්‍ය කටයුතු සම්පාදනය කිරීම තුළින් කිලෝ මීටර් 25 ක් සංවර්ධනය කර රත්තොට සිට ඉලූක්කුඹුර දක්වා වන මාර්ගය සැකසීම වසර 04 ට අධික කාලයක් කොන්ත්‍රාත්කරුවන්ගේ නිසි කළමනාකරණයක් නොමැති නිසා ආපදා සහිත මාර්ගයක් ලෙසට පත්කර ඇති බවත් වාහන ධාවනයට නොසුදුසු ලෙසට පත්ව ඇති මෙම මාර්ගය ඉදිරි මාස් වැසි ලැබීමෙන් මහත් අනතුරකට ලක්වීමේ ලක්ෂණ මේ වන විටත් දර්ශණය වෙමින් ඇති බවද ගාමිණී ජයතිස්ස මහතා පෙන්වා දෙයි.
. එහෙත් මෙම පරිසර පද්ධිතය තුළ ඇති මාර්ග පද්ධතියේ තත්ත්වය සංචාරකයින් සඳහා වන රක්ෂණ ආවරණය ලබා ගැනීමට අද වනවිට මහත අපහසුථාවයක් වී ඇති අතර සංචාරක සංවිධාන, කණ්ඩායම් සිය සංචාරකයින් මෙම රක්ෂණ ආවරණයේ ගැටළු තුළ සංචාරකයින් සඳහා වන දුම්බර ගමනාන්තය දුක්බරව අවලංගු කර ඇති බවද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.
මෙය සංචාරක ව්‍යාපාරයට අතුල් පහරක් බවත් ඒ ශ්‍රේණියේ මාර්ග 2ක් බී ශ්‍රේණියේ මාර්ග 6කින් පිවිසුම් සැකසී ඇති දුම්බර පරිසර පද්ධිතයේ මාර්ග අනාරක්ෂිත මාර්ග පද්ධතියක් ලෙසට සංචාරක ව්‍යාපාරය මෙන්ම එහි ප්‍රදේශවාසීන්ගේ ජන ජීවිත සංවර්ධනය මුල් කර ගෙන වැඩි දියුණු කිරීම අත්‍යාවශ්‍යව ඇති බවත් මේ තත්වය පිළිබදව තමා අදාළ බලධාරින් දැනුවත් කළ බවත් සති අන්තයේ සංචාරකයින් විශාල ප්‍රමාණයක් මේ වන විට ප්‍රදේශයට පැමිණෙන බැවින් වහා අවධානය යොමු කර මාර්ගයේ පවතින අවධානම් ස්ථාන වහා පිළිසකර කිරිමට පියවර ගන්නා ලෙස අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසිය.
මාතලේ මහේෂ් කිර්තිරත්න