බුද්ධ ශාසනයට එරෙහිව එල්ල වන ක්‍රමානුකූල ප්‍රහාරයන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා එළඹෙන පෙබරවාරි 20 වැනිදා සියලුම නිකාය නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා කොළඹට කැඳවන බව පූජ්‍ය දඹර අමිල හිමියෝ නිවේදනය කරති. අද (16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ, මෙම පියවර වත්මන් රජය වෙත එල්ල කරන සෘජු අනතුරු ඇඟවීමක් බවයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ මින් පෙර කවදාවත් නොවූ විරූ අයුරින් වත්මන් රජය විසින් සෝපායශීලීව බුද්ධ ශාසනය ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටින බවත්, සෑම රජයකම අඩුපාඩු පැවතියද මෙම තත්ත්වය ඉතා භයානක බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.














