යෝජිත 2026 ට්‍රාන්ස්ජෙන්ඩර් පුද්ගලයින්ගේ (අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ) සංශෝධන පනත් කෙටුම්පත මඟින් සිය ප්‍රජාවගේ අයිතිවාසිකම්, ගෞරවය සහ අනන්‍යතාවයට දැඩි හානියක් සිදුවන බව පවසමින් ට්‍රාන්ස්ජෙන්ඩර් අයිතිවාසිකම් ක්‍රියාකාරීහු එම පනත සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිති.
සමාජ සාධාරණත්ව සහ සවිබල ගැන්වීම් අමාත්‍ය වීරේන්ද්‍ර කුමාර් විසින් පසුගිය සිකුරාදා හඳුන්වා දුන් මෙම පනත තුළ පවතින විධිවිධාන මඟින් පුද්ගල ස්වයං නිර්ණය අයිතියට තර්ජනයක් එල්ල වන බව ක්‍රියාකාරීහු පෙන්වා දෙති. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පළමු ට්‍රාන්ස්ජෙන්ඩර් නීතීඥවරිය වන රාඝවී එස්. (Raghavi S) අවධාරණය කළේ තමන් අපේක්ෂා කරන්නේ පනතේ සුළු සංශෝධන නොව එය සම්පූර්ණයෙන්ම හකුළා ගැනීම බවයි.
ට්‍රාන්ස්ජෙන්ඩර් පුද්ගලයින්ට සිය අනන්‍යතා ලේඛන නිවැරදි කර ගැනීමට වසර හතරක් හෝ පහක් වැනි දීර්ඝ කාලයක් ගත වන බවත්, නව පනත මඟින් එම දුෂ්කරතා තවත් වැඩි විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි. මෙම පනත් කෙටුම්පත සැකසීමේදී ප්‍රජාවගේ සැබෑ ජීවන අත්දැකීම්වලට වඩා දේශපාලනඥයින්ගේ පටු කල්පිතයන්ට මුල් තැන දී ඇති බවට ද ඔවුහු චෝදනා කරති.














