• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

නාවලකන්ද දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහන සාර්ථකව අවසන්

22 September 2021
in විශේෂාංග
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ජෛව පද්ධතියට ගැලපෙන ශාක විශේෂයන්හි පැල 400 කට අධික ප්‍රමාණයක් නාවලකන්ද දොළ රක්ෂිතය තුල රෝපණය කරමින් ඊයේ (21) දින සාර්ථකව අවසන් කිරීමට හැකි වු බව සමනල යෞවන සමාජය පවසයි.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මීගහතැන්න ප්‍රදේශයේ නාවලකන්ද ග්‍රාමය යනු ශ්‍රී ලකාව පුරා පවතින වනාන්තර පද්ධතියේ ඉහලම ජෛව විවිධත්වයක් හිමි සදාහරිත වැසි වනාන්තරවලට මැදි වූ සුන්දර ගම්මානයක් සහිත කඳුකර වනාන්තර පද්ධතියකි.

මෙම ගම්මානය සහිත වනාන්තර පද්ධතිය ආවරණය වන පරිදි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත කලාප කීපයක්ම ඇති අතර එම රක්ෂිත ප්‍රදේශ පෝශණය කරමින් ප්‍රදේශ වාසීන්ගේ එදිනෙදා ජල අවශ්‍යතා සපුරාලමින් ප්‍රදේශයේ ජීවය රකිමින් අළුකැටිය, නාවලකන්ද, වැදිවත්ත හරහා බෙන්තර ගඟ දක්වා ගලා බසින දොළ මාර්ගය ප්‍රදේශයේ හදවත බඳු ප්‍රධානතම ජල ප්‍රබවයයි.

ඉතා පිරිසිඳු ජල දහරාවක් වූ මෙම දොළ මාර්ගය දිනෙන් දින විශාල තර්ජනයට ලක්ව විනාශවෙමින් පවතින බව හඳුනා ගැනීමෙන් පසුව නාවලකන්ද සමනල යෞවන සමාජය මගින් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම්තුමන් දැනුවත් කරන ලදි.ඒ් අනුව මෙම ගැටළුව සඳහා පිළියමක් වශයෙන් දොළ මාර්ගය සහ දොළ ආශ්‍රිත නාවලකන්ද ගම්මානය තුල ක්ෂුද්‍ර ජල පෝෂක ප්‍රදේශ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් කළුතර දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කාර්යාලය සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් 2019 වර්ෂයේදී ආරම්භ කරන ලදී.

 

එම ව්‍යාපෘතිය තුලින් ප්‍රදේශය තුල විවිධ වූ සංරක්ෂන ක්‍රියාවන් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ප්‍රදේශය හරහා ගලා බසිනා දොළ මාර්ගය දෙපස පිහිටි දොළ රක්ෂිතය තුළ පැල රෝපණය කිරිමේ වැඩසටහනක් 2021.09.09 වන දින ආරම්භ විය. අදියර කීපයක් යටතේ ක්‍රියාත්මක වූ මෙම රුක්රෝපණ වැඩසටහන මගින් ප්‍රදේශයේ ජෛව පද්ධතියට ගැලපෙන ශාක විශේෂයන්හි පැල 400 කට අධික ප්‍රමාණයක් නාවලකන්ද දොළ රක්ෂිතය තුල රෝපණය කරමින් ඊයේ (21) දින සාර්ථකව අවසන් කිරීමට හැකිවිය.

 

කළුතර දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කාර්යාලය සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම රුක් රෝපණ වැඩ සටහන සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය නියෝජනය කරමින් ක්ෂුද්‍ර ජල පෝෂක ප්‍රදේශ සංවර්ධය කිරීමේ ව්‍යාපෘතිය භාර නිලධාරිනී දිලිනි වාසනා මහත්මිය සමගින් ඉන්ද්‍රිකා පතිරගේ, තිලිණි දීපිකා, ලහිරු උදයංග සහ එරංග සමීර යන මහත්ම මහත්මීන් සහ තරුණසේවා නිලධාරී අරුණ ජයතිලක මහතා සමගින් 849 D බෝගොඩකන්ද, නාවලකන්ද වර්තමාන ග්‍රාම නිලධාරී සව්මි අපේක්ෂා මහත්මිය සහ හිටපු ග්‍රාම නිලධාරී දිමුතු හොරවලවිතාන මහතා යන රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වය සහිතව වලල්ලාවිට යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ මිහිකත සුරැකීමේ කාර්යංශයේ සාමාජිකයින් ඇතුළුව ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව ක්‍රියාත්මක විය.

 

තිරසර භූමි භාවිතය සඳහා නාවලකන්ද කඳු පන්තියේ ක්ෂුද්‍ර ජල පෝෂක ප්‍රදේශ හඳුනා ගනිමින්, ඒ සදහා භූමි පරිහරණ සැලැස්මක් සකස් කර නාවලකන්ද ක්ෂුද්‍ර ජල පෝෂක ප්‍රදේශය තුල භූමි සම්පත් කළමනාකරණය තුලින් ප්‍රමාණාත්මක හා ගුණාත්මක බවින් ඉහළ ජල ගලනයක් සහිත සංරක්ෂිත පරිසරයක් ඇති කිරිම සඳහා ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ශ්‍රි ලංකාව පුරා පවතින්නා වූ අනෙකුත් ජල පෝෂක ප්‍රදේශ තුලද ක්‍රියාත්මක කිරීමට හැකි නම් වර්තමානයේ අප මුහුණපාමින් සිටින ජල අර්බුධයට හොඳම විසඳුම විය හැකි බව මෙහිදී සාකච්ඡාවූ අතර ප්‍රදේශයේ තරුණයන් දායක කර ගනිමන් රජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායක්වය මෙම වැඩසටහනට ලබා දීම රුක් රෝපණ වැඩසටහන සඳහා සහභගී වූ ප්‍රදේශවාසී බොහෝ දෙනා අතර පැසසුමට ලක් විය.

 

 

 

Post Views: 8
Previous Post

පුනර්ජනනීය බලශක්තිය සඳහා මෙගා වොට් 50 ට වැඩි විදුලි නිෂ්පාදකයින්ට යෝජනා ආරාධනා -රාජ්‍ය ඇමැති දුමින්ද

Next Post

සෞභාග්‍යයේ දූෂණය කබ්රාල්ගේ මහ බැංකු පුටුවෙන් පෙනේ – මන්ත්‍රී ඉරාන්

editor

editor

Next Post

සෞභාග්‍යයේ දූෂණය කබ්රාල්ගේ මහ බැංකු පුටුවෙන් පෙනේ - මන්ත්‍රී ඉරාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved