ඇමෙරිකාවේ සිට කැනඩාවට මෙතම්පෙටමින් (Methamphetamine) කිලෝ 266.4ක් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ඉන්දු-කැනේඩියානු ජාතික ට්‍රක් රථ රියදුරෙකු ඔන්ටාරියෝ (Ontario) හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය පෙබරවාරි 4 වනදා ඇමෙරිකාවේ සිට කැනඩාවට ඇතුළු වන බ්ලූ වෝටර් බ්‍රිජ් (Blue Water Bridge) දේශසීමා ඒකකයේදී මෙම ට්‍රක් රථය පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී විශේෂ පුහුණුව ලත් පොලිස් සුනඛයන්ගේ සහාය ඇතිව ට්‍රක් රථයේ ට්‍රේලරය තුළ සඟවා තිබූ ගමන් මලු 16ක් සොයා ගත් අතර, ඒ තුළ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය හමු විය.
අත්අඩංගුවට ගත් සැකකරු ඔන්ටාරියෝ හි වුඩ්ස්ටොක් (Woodstock) ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කුල්බීර් සිං (Kulbir Singh) නැමැත්තෙකි. කැනේඩියානු රාජකීය පොලිසිය (RCMP) විසින් ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය ආනයනය සහ ජාවාරම් කිරීමේ අරමුණින් ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ නඩු පවරා තිබේ.
මීට අමතරව, පසුගිය නොවැම්බර් මාසයේදී ද කිලෝ 314ක මෙතම්පෙටමින් තොගයක් සමඟ සත්නාම් සිං (Satnam Singh) නැමැති තවත් ඉන්දු-කැනේඩියානු රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. එය බ්‍රිතාන්‍ය කොලොම්බියා දේශසීමාවේදී මෙතෙක් හසු වූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස වාර්තා වේ.
ඉන්දු-කැනේඩියානු ට්‍රක් රථ රියදුරන් මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වීම ඉහළ යාම හේතුවෙන් කැනේඩියානු ට්‍රක් රථ සංගමය (CTA) සහ බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇත. 2025 වසරේ සිට මේ දක්වා දකුණු ඔන්ටාරියෝ දේශසීමාවෙන් පමණක් මත්ද්‍රව්‍ය කිලෝ 616කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.















