ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රිස්ටි නෝම්ව අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (DHS) ප්‍රධාන තනතුරෙන් ඉවත් කිරීමත් සමඟ ඇයගේ සමීපතම උපදේශකයෙකු වන කෝරි ලෙවන්ඩොව්ස්කි ද එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් වනු ඇතැයි වාර්තා වේ. මොවුන් දෙදෙනා අතර පවතින බවට සැක කෙරෙන රහස් ප්‍රේම සම්බන්ධයක් පිළිබඳව එල්ල වූ චෝදනා මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
පසුගිය බදාදා පැවති නඩු විභාගයකදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් විසින් ලෙවන්ඩොව්ස්කි සමඟ පවතින සම්බන්ධය පිළිබඳව ක්‍රිස්ටි නෝම්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කළද ඇය එය සෘජුව ප්‍රතික්ෂේප කිරීමට අපොහොසත් විය. ඇය මෙම චෝදනා හුදු කටකතා ලෙස බැහැර කළත් ට්‍රම්ප් පරිපාලනය තුළ ඒ පිළිබඳව ඇති වූ දැඩි අප්‍රසාදය නිසා මෙම ඉවත් කිරීම් සිදු කර තිබේ. කෝරි ලෙවන්ඩොව්ස්කි ඉදිරි ට්‍රම්ප් පරිපාලනය තුළ රැඳී සිටින්නේ ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති අතර අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙහෙයවීමට ට්‍රම්ප් විසින් දැනටමත් මාර්ක්වේන් මුලින් නම් කර ඇත.














