ඉරානයේ දකුණු පාර්ස් (South Pars) ගෑස් පිරිපහදුව වෙත ඊශ්‍රායලය විසින් තවදුරටත් ප්‍රහාර එල්ල නොකරනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ටෘත් සෝෂල් (Truth Social) ගිණුමෙහි සටහනක් තබමින් ඔහු කියා සිටියේ මෙම වැදගත් මධ්‍යස්ථානයට එල්ල කරන ප්‍රහාර නතර කරන ලෙස තමන් දැනුම් දී ඇති බවයි. කෙසේ වෙතත්, ලොව විශාලතම ස්වභාවික වායු මධ්‍යස්ථානයක් වන කටාර්හි LNG පර්යන්ත වෙත ඉරානය නැවත ප්‍රහාර එල්ල කළහොත්, ඉරානයේ පිරිපහදු මධ්‍යස්ථාන දැවැන්ත ලෙස විනාශ කිරීමට පසුබට නොවන බවට ද ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. කටාර් රාජ්‍යයේ ඉන්ධන මධ්‍යස්ථාන රැසකට ඉරාන මිසයිල ප්‍රහාරවලින් දැඩි හානි සිදුව ඇති බව වාර්තා වීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.














