ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය අවසන් වූ පසු, කියුබානු රජය පෙරළා දැමීමේ ක්‍රියාමාර්ග යළි ආරම්භ කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඊයේ (05) ධවල මන්දිරයේදී ‘ඉන්ටර් මියාමි’ (Inter Miami) පාපන්දු කණ්ඩායම සමඟ පැවති හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී කියුබාව සම්බන්ධයෙන් “අතිවිශිෂ්ට කාර්යභාරයක්” ඉටු කරන බව පවසමින් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වෙත සිය ස්තූතිය පළ කිරීමට ද ට්‍රම්ප් කටයුතු කර ඇත. කියුබාවේ පවතින කොමියුනිස්ට් රජය පෙරළා දැමීමේ අරමුණින් ඇමෙරිකානු පරිපාලනය මේ වන විටත් එරට ආර්ථිකය දැඩි ලෙස පීඩාවට පත් කිරීමට සම්බාධක දැඩි කර තිබේ. ජනාධිපතිවරයා සහ ඔහුගේ සහචරයින් නිතර හවානා රජයට එරෙහිව තර්ජන එල්ල කරමින් සිටින පසුබිමක මෙම ප්‍රකාශය නිකුත් වී ඇත.














