අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ඔක්ලහෝමා ප්‍රාන්තයේ සෙනෙට් සභික මාර්ක්වේන් මුලින් (Markwayne Mullin) මහතාව එරට නව ස්වදේශ ආරක්ෂක ලේකම් (Homeland Security Secretary) ලෙස නම් කර තිබේ. ඒ මෙතෙක් එම ධුරය දැරූ ක්‍රිස්ටි නෝම් මහත්මිය වෙනුවටයි.
මාර්ක්වේන් මුලින් මහතා වෘත්තීය මට්ටමේ මිශ්‍ර සටන් කලා (MMA) ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කර පසුව දේශපාලනයට පිවිසි අයෙකි. ඔහු වොෂින්ටනයේදී ට්‍රම්ප් මහතාගේ ප්‍රතිපත්ති දැඩි ලෙස ආරක්ෂා කරන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. ඔහුගේ මෙම පත්වීම ස්ථිර වීම සඳහා ඉදිරියේදී සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුය.
වත්මන් ලේකම් ක්‍රිස්ටි නෝම් මහත්මිය ලබන මාර්තු 31 වනදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත අතර, ඇය බටහිර අර්ධගෝලය සඳහා වූ විශේෂ නියෝජිතවරිය ලෙස නව තනතුරකට පත් වනු ඇත. ට්‍රම්ප් පාලන සමයේ මෙම තීරණාත්මක ධුරය සඳහා පත් කෙරෙන දෙවන පුද්ගලයා වන්නේ මුලින් මහතාය.














