සෞදි අරාබියේ ‘ප්‍රින්ස් සුල්තාන්’ ගුවන් කඳවුරේ නවතා තිබූ අමෙරිකානු ටැංකි ගුවන් යානා 5කට ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි සිදුව ඇති බවට පළවන වාර්තා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබේ. සිය ‘Truth Social’ ගිණුම හරහා අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ එම යානාවලින් 4කට කිසිදු හානියක් සිදුව නොමැති බවත්, ඉතිරි යානයට සිදුව ඇත්තේ සුළු හානියක් පමණක් බවත්ය.
ගුවන් කඳවුරට පසුගිය දින කිහිපයේදී ප්‍රහාර එල්ල වුවද, කිසිදු ගුවන් යානයකට සෘජු ප්‍රහාර එල්ල වී නොමැති බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.














