තම නායකයන් ඉලක්ක කර ගනිමින් අමෙරිකාව සිදුකරන ඝාතන මෙහෙයුම් නතර නොකළහොත්, මැදපෙරදිග කලාපයේ පවතින ඇපල් (Apple), ගූගල් (Google) සහ මයික්‍රොසොෆ්ට් (Microsoft) වැනි ප්‍රමුඛ අමෙරිකානු සමාගම් වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය ඊයේ (31) අනතුරු ඇඟවීමක් කළේය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) මෙම තර්ජනය උපහාසයට ලක් කරමින් අද (01) අදහස් දක්වා තිබේ.
ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ, “ඔවුන් මොනවායෙන්ද තර්ජනය කරන්නේ? BB guns (සෙල්ලම් තුවක්කු) වලින්ද? දැන් ඔවුන්ට තර්ජනය කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ,” යනුවෙනි. ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් නිකුත් කරන ලද සමාගම් 18ක ලැයිස්තුවට ටෙස්ලා (Tesla), බෝයිං (Boeing) සහ ඉන්ටෙල් (Intel) වැනි සමාගම් ද ඇතුළත් වේ.
අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු සිවිල් සමාගම් ඉලක්ක කරන බවට ඉරානය කළ ප්‍රකාශය හමුවේ, අමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස දැඩි විශ්වාසයකින් යුතුව පිළිතුරු ලබා දීම විශේෂත්වයකි. 2026 පෙබරවාරි මාසයේ සිට ආරම්භ වූ යුදමය වාතාවරණය හමුවේ දෙරට අතර පවතින මෙම වාග් සංග්‍රාමය තවදුරටත් උත්සන්න වෙමින් පවතී.














