අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වත්මන් ධුරය දැරීමට සුදුසු නොවන බව පවසමින් අමෙරිකානු සෙනට් මණ්ඩලයේ ප්‍රබල සභිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 08) විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාවේ ඇති සුවිශේෂීත්වය වන්නේ ඒ සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ සභිකයන් මෙන්ම ට්‍රම්ප්ගේම රිපබ්ලිකන් පක්ෂයේ සභිකයන් ද සහය පළ කර තිබීමයි. මැදපෙරදිග අර්බුදය හමුවේ ජනාධිපතිවරයා අනුගමනය කරන අස්ථාවර විදේශ ප්‍රතිපත්තිය සහ සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඔහු සිදුකළ මතභේදාත්මක ප්‍රකාශ හේතුවෙන් අමෙරිකාවේ ජාතික ආරක්ෂාව සහ ජාත්‍යන්තර සබඳතා දැඩි තර්ජනයකට ලක්ව ඇති බව සෙනට් සභිකයෝ මෙහිදී පෙන්වා දෙති.
විශේෂයෙන්ම ලෙබනනය ගිවිසුමට ඇතුළත් නොවන බව පවසමින් සටන් විරාමය අනතුරේ හෙළීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට ඉරානයට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනයට එරෙහිව දැඩි විවේචන එල්ල වෙමින් පවතී. මෙම තීරණාත්මක අවස්ථාවේදී අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම හරහා ලෝක සාමයට බාධා පමුණුවන බවත්, එබැවින් ඔහු තවදුරටත් රාජ්‍ය නායකත්වය දැරීමට සුදුසු නැති බවත් යෝජනාව ඉදිරිපත් කළ සභිකයෝ අවධාරණය කරති. මෙම ඒකාබද්ධ යෝජනාව හේතුවෙන් වොෂින්ටන් දේශපාලනය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, මෙය ට්‍රම්ප්ගේ ඉදිරි පාලන කාලයට මෙන්ම අපේක්ෂිත පාකිස්ථාන සාකච්ඡාවලට ද දරුණු බලපෑමක් වනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.















