ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ තමන්ට 100%ක ජනප්‍රසාදයක් (Approval Rating) හිමි වී ඇති බවට CNN පුවත් සේවය මඟින් මත විමසුමක් නිකුත් කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව තහවුරු වී තිබේ. ඊයේ (20) මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ එවැනි ඉහළ සහයෝගයක් මීට පෙර කිසිදු මත විමසුමකින් කිසිවෙකුට හිමි වී නොමැති බව CNN ආයතනය පවා ප්‍රකාශ කළ බවයි.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ CNN පුවත් සේවය එවැනි කිසිදු මත විමසුමක් නිකුත් කර නොමැති බවයි. පවතින ඉරාන යුද්ධය හේතුවෙන් මේ වන විට ඇමෙරිකානු සෙබළුන් 13 දෙනෙකුට ජීවිත අහිමි වී ඇති අතර රට පුරා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා ට්‍රම්ප් පාලනය දේශීය වශයෙන් දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.
මේ අතර මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව සඳහා තවත් අතිරේක නාවික සෙබළුන් සහ මැරීන් සෙබළුන් දහස් ගණනක් යෙදවීමට ට්‍රම්ප් රජය පියවර ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. පවතින යුදමය වාතාවරණය සහ ඉහළ යන ජීවන වියදම හමුවේ ජනාධිපතිවරයාගේ ජනප්‍රසාදය පිළිබඳව සැබෑ තත්ත්වය මෙලෙස මතභේදාත්මක වී තිබේ.















