අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (24) පවත්වන ලද සිය වාර්ෂික රාජ්‍ය දේශනයේදී (State of the Union), ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාව පිළිබඳ කරුණු ඉදිරිපත් කළේය. ලොව විශාලතම ත්‍රස්තවාදී රාජ්‍යයට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට කිසිසේත් ඉඩ නොදෙන බව අවධාරණය කළ ඔහු, ඉරාන පාලනය “ත්‍රස්තවාදය, මරණය සහ වෛරය” ලොව පුරා පතුරවන බවට චෝදනා කළේය. මැදපෙළ කලාපයේ දැවැන්ත අමෙරිකානු හමුදා බලඇණියක් එක්රැස් වෙමින් පවතින පසුබිමක ට්‍රම්ප් ප්‍රකාශ කළේ තමා සාමය කැමති වුවත්, ඉරානය න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හැරීමේ එකඟතාවයකට නොපැමිණීම ගැටලුවක් බවයි.















