ඉරානයේ ‘දකුණු පාර්ස්’ (South Pars) ගෑස් නිධියට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය පිළිබඳව අමෙරිකාව කලින් දැනුවත්ව නොසිටි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් කටාර්හි ‘රාස් ලාෆාන්’ (Ras Laffan) LNG මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරය අසාධාරණ බව පෙන්වා දෙන ට්‍රම්ප්, යම් හෙයකින් ඉරානය නැවත වරක් කටාර් රාජ්‍යයට පහර දුන්නොත් ඉරානය මීට පෙර කිසිදා අත්විඳ නැති මට්ටමේ දැවැන්ත හමුදාමය විනාශයක් සිදු කිරීමට තමන් පසුබට නොවන බවට දැඩිව අවධාරණය කර සිටී. ඉරානයට සිදුවිය හැකි දිගුකාලීන බලපෑම් සලකා මෙවැනි විනාශයකට අවසර දීමට තමන් අකමැති වුවද, කටාර්හි බලශක්ති මධ්‍යස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














