ඉරානය සමඟ පවතින යුද්ධය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඇමරිකානු රජය සතුව ඕනෑ තරම් පවතින බවත්, ඉදිරියටත් හමුදා සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පමණක් කොංග්‍රස් මණ්ඩලයෙන් අතිරේක අරමුදල් ඉල්ලා සිටින බවත් ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් (Scott Bessent) මහතා අද (22) ප්‍රකාශ කළේය. NBC නාලිකාවේ “Meet the Press” වැඩසටහනට එක්වෙමින් ඔහු අවධාරණය කළේ යුද වියදම් පියවා ගැනීම සඳහා බදු වැඩි කිරීමක් පිළිබඳව රජය කිසිසේත්ම සලකා නොබලන බවයි.
වත්මන් ඉරාන යුද මෙහෙයුම් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 200ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලීමක් කොංග්‍රස් මණ්ඩලය වෙත ඉදිරිපත් වී ඇති අතර, ඩිමොක්‍රටික් පාක්ෂිකයින් මෙන්ම රිපබ්ලිකන් පාක්ෂිකයින් කිහිප දෙනෙකු ද මීට විරෝධය පළ කරමින් සිටිති. කෙසේ වෙතත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේදී මෙන්ම දෙවන ධුර කාලය තුළදී ද හමුදා ශක්තිය ගොඩනැගීමට ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත්, අනාගත ආරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් මෙම අතිරේක අරමුදල් අත්‍යවශ්‍ය වන බවත් භාණ්ඩාගාර ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.














