ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට දේශපාලන රැකවරණය (Asylum) ලබා දෙන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඕස්ට්‍රේලියානු රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ, මෙම ක්‍රීඩිකාවන් නැවත ඉරානයට පිටුවහල් කිරීමට කටයුතු කිරීම ඕස්ට්‍රේලියාව සිදු කරන බරපතල “මානුෂීය වරදක්” වනු ඇති බවයි. මෙම ක්‍රීඩිකාවන් නැවත සිය රටට ගියහොත් ඔවුන් දැඩි දඬුවම්වලට හෝ මරණීය දණ්ඩනයට පවා ලක්වීමේ ඉඩකඩක් පවතින බවට ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත. යම් හෙයකින් ඕස්ට්‍රේලියාව ඔවුන්ට රැකවරණය ලබා දීමට අපොහොසත් වන්නේ නම්, එම ක්‍රීඩිකාවන් පිරිස භාර ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය සූදානම් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මෙම ක්‍රීඩිකාවන් ඉරානයට එරෙහිව සිය විරෝධය පළ කිරීම හෝ ඉරානයේ පවතින දේශපාලන වාතාවරණය හේතුවෙන් මෙලෙස රැකවරණය පතා ඇති බව වාර්තා වේ.














