ඉරානය සමඟ යුදමය වාතාවරණයකට මැදිව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් ආශිර්වාද පැතීමේ විශේෂ මෙහෙයක් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී (Oval Office) පවත්වා තිබේ. අමෙරිකාවේ නන්දෙසින් පැමිණි දේවගැතිවරුන් 50කට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්වූ අතර, මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ ජනාධිපතිවරයාට අවශ්‍ය ප්‍රඥාව සහ මඟ පෙන්වීම ලබා දෙන ලෙස ඔවුහු දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ.
ප්‍රධාන දේවගැති ටොම් මුලින්ස්ගේ (Tom Mullins) නායකත්වයෙන් පැවැත්වුණු මෙම යාඥා මෙහෙයේදී, යුද පෙරමුණේ සිටින අමෙරිකානු සෙබළුන්ගේ සහ එරට වැසියන්ගේ ජීවිත ආරක්ෂා කර දෙන ලෙස විශේෂයෙන් අයැද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරයා වටා රොක් වී දේවගැතිවරුන් යාඥා කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබේ.
දෙවියන් වහන්සේ යටතේ පවතින, බෙදිය නොහැකි යුක්තිය සහ නිදහස අගය කරන ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තිය අමෙරිකානුවන්ට ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වූ බව දේවගැති ටොම් මුලින්ස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. ජනාධිපති ට්‍රම්ප්ට මෙම අර්බුදය ජය ගැනීමට අවශ්‍ය කායික හා මානසික ශක්තිය ප්‍රාර්ථනා කිරීම ද මෙහිදී සුවිශේෂී විය.














