ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා ඛමේනි (Mojtaba Khamenei) ජීවතුන් අතර සිටින්නේද යන්න පිළිබඳව සැකයක් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. NBC පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රම්ප් සඳහන් කළේ, ඛමේනි මියගොස් ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, ඔහු ජීවතුන් අතර සිටින්නේ නම් එය තහවුරු කිරීමට මෙතෙක් කිසිවකු සමත්ව නොමැති බවත්ය.
ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් මොජ්ටාබා ඛමේනි බරපතල තුවාල ලබා ඇති බවට මීට පෙර වාර්තා පළ වූ අතර, ඔහු විරූපී වී ඇති බවට ද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) ප්‍රකාශ කර තිබුණි. ඔහුගේ මරණය පිළිබඳ පුවත දැනට “කටකතාවක්” වුවද, ඔහු ජීවතුන් අතර සිටින්නේ නම් තම රට වෙනුවෙන් කළ හැකි බුද්ධිමත්ම කාර්යය වහාම “යටත් වීම” බව ට්‍රම්ප් මෙහිදී අවධාරණය කළේය. ඉරාන බලධාරීන් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇති බව පමණකි.














