ඉරානය තවමත් න්‍යෂ්ටික අවියක් ලබා ගැනීමේ අභිලාෂයෙන් පසුවන බවත්, ඉස්ලාමාබාද් නුවර පැවැති සාකච්ඡාවලදී එම අභිලාෂය පැහැදිලි වූ බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ඉරානයට කිසිසේත් න්‍යෂ්ටික අවියක් ලබා ගැනීමට ඉඩ නොතබන බව ද ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.
ඉරානය සමඟ පැවැති සෘජු සාකච්ඡා අසාර්ථක වූයේ ටෙහෙරානය සිය න්‍යෂ්ටික අභිලාෂයන් අත්හැරීමට අකමැති වූ නිසා බව ජනාධිපති ට්‍රම්ප් මීට පෙරද පවසා තිබුණි.
කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසන්නේ දෙපාර්ශවය එකඟතාවයකට පැමිණීමට ඉතා ආසන්නව සිටි නමුත්, ඇමරිකාව විසින් පනවන ලද දැඩි කොන්දේසි සහ බාධාවන් හේතුවෙන් එය සාර්ථක නොවූ බවයි. මැදපෙරදිග පවතින උණුසුම් වාතාවරණය හමුවේ ඇමරිකාව සහ ඉරානය අතර පවතින මෙම මතභේදය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

















