ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ලබාදුන් අවසන් කාලසීමාව අද (අඟහරුවාදා) වොෂින්ටන් වේලාවෙන් රාත්‍රී 8.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 5.30 ට) අවසන් වීමට නියමිතව ඇති අතර ඉරානය මෙතෙක් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ මෙම කාලසීමාව තුළ එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් ඉරානයේ සියලුම පාලම් සහ විදුලි බලාගාර පැය හතරක් ඇතුළත විනාශ කරන බවට ජනාධිපතිවරයා දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ තෙල් ප්‍රවාහනය කිරීමට ඉඩ ලබාදීම මෙම එකඟතාවයේ ප්‍රධාන කොන්දේසියක් වී තිබේ
ඉරානය මේ වන විට තාවකාලික සටන් විරාමයක් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන්ගේම කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර ඇති බවත් එය ඇමෙරිකාව විසින් බැහැර කර ඇති බවත් විදේශ වාර්තා පවසයි ජනාධිපති ට්‍රම්ප් පසුගිය සති තුන තුළ අවසන් කාලසීමාවන් සිව් වතාවක් දීර්ඝ කර ඇති බැවින් මෙවර ද ඔහු සිය තර්ජනය ක්‍රියාත්මක කරයිද නැතහොත් නැවතත් කාලය ලබා දෙයිද යන්න පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වී ඇත ඇමෙරිකානු හමුදාව සතු තාක්ෂණික සහ යුද ශක්තිය හමුවේ වුවද හෝමුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂිතව විවෘත කිරීම අතිශය අසීරු කාර්යයක් වී ඇත්තේ ඉරානය සතු ඩ්‍රෝන සහ මිසයිල බලය නිසා බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති
ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ ඉරානයේ යටිතල පහසුකම් විනාශ කිරීමට තමා අකමැති වුවද එරට පාලකයන් එකඟතාවයකට නොපැමිණෙන්නේ නම් ඉරානයට වසර සියයකින්වත් ගොඩගත නොහැකි විනාශයක් අත්කර දෙන බවයි මෙම ගැටුම තවදුරටත් උග්‍ර වුවහොත් කලාපීය වශයෙන් දැවැන්ත මානුෂීය අර්බුදයක් නිර්මාණය වනු ඇති බවට ද අනාවැකි පළ වේ කෙසේ වෙතත් ජනාධිපතිවරයා තවමත් බලාපොරොත්තු පළ කරන්නේ අන්තිම මොහොතේ හෝ සාර්ථක එකඟතාවයකට පැමිණීමට හැකි වනු ඇති බවයි ලෝක වෙළඳපොළ සහ බලශක්ති සැපයුම මෙම තීරණාත්මක පැය කිහිපය දෙස දැඩි නොසන්සුන්කාරීව බලා සිටියි
















