ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC), එරට හමුදාව සහ පොලිස් නිලධාරීන් අමතමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. එහිදී ඔහු ඉල්ලා සිටියේ වහාම ආයුධ බිම තබා රටේ පාලනය වෙනස් කිරීම සඳහා සහය දක්වන ලෙසයි. තවදුරටත් සටන් කිරීමෙන් සහතික කළ මරණය අත්වන බවට ඔහු අනතුරු ඇඟවූ අතර, සහයෝගය දක්වන අයට පූර්ණ ආරක්ෂාව සහ නීතිමය මුක්තිය ලබාදෙන බවට සහතික විය.
“දැන් කාලය එළඹ තිබෙන්නේ නැගී සිට ඔබේ මව්බිම නැවත අත්පත් කර ගැනීමට සහය වීමටයි” යනුවෙන් පැවසූ ට්‍රම්ප්, ලොව පුරා සිටින ඉරාන තානාපති නිලධාරීන්ගෙන් දේශපාලන රැකවරණ පතන ලෙස ද ඉල්ලා සිටියේය. මෙමඟින් “නව සහ යහපත් ඉරානයක්” ගොඩනැගීමට මඟ පෑදෙනු ඇති බව ඔහුගේ විශ්වාසයයි. ඉරානය තුළ අමෙරිකානු ගොඩබිම් ආක්‍රමණයක සේයාවන් මතු වෙමින් පවතින පසුබිමක මෙම ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයකි.














