• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

එකඟ නොවූවොත් නරක දේවල් සිදුවේවි

ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 February 2026
in පුවත්, විදෙස්
එකඟ නොවූවොත් නරක දේවල් සිදුවේවි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සමඟ අර්ථවත් න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීමට නොහැකි වුවහොත් එරෙහිව දැඩි මිලිටරි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වනු ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. වොෂින්ටන් ඩී.සී. හි පැවැති ‘සාම මණ්ඩලයේ’ (Board of Peace) සමාරම්භක රැස්වීමේදී ඔහු මේ බව අවධාරණය කළේය.
සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹෙන්නේද නැතහොත් යුදමය ක්‍රියාමාර්ග ගන්නේද යන්න පිළිබඳව බොහෝ විට ඉදිරි දින 10 ඇතුළත ලෝකයට දැන ගැනීමට හැකි වනු ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත. ඉරානය සමඟ අමෙරිකාව පවත්වන සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු, “අපට අර්ථවත් ගිවිසුමක් ඇති කර ගැනීමට සිදු වනවා, එසේ නොවුවහොත් නරක දේවල් සිදුවේවි” යනුවෙන් ප්‍රකාශ කර තිබේ
විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව, ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන අමෙරිකානු සහ ඉරාන සාකච්ඡාකරුවන් අතර සාකච්ඡාවල යම් ප්‍රගතියක් පවතින අතරතුරම, එක්සත් ජනපදය මැදපෙරදිග කලාපයට සිය හමුදා ශක්තිය ද දැඩි ලෙස යොමු කර තිබේ. විශේෂ දූතයින් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් ඉරානය සමඟ සාර්ථක රැස්වීම් කිහිපයක් පවත්වා ඇති බවද ට්‍රම්ප් සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව කිසිදු මිලිටරි ක්‍රියාමාර්ගයක් නොගත යුතු බවට ඩිමොක්‍රටික් සහ ඇතැම් රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් සිය විරෝධය පළ කර තිබේ. මේ අතර, ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ද පවසා ඇත්තේ ඉරානය එක්සත් ජනපදය සමඟ ගිවිසුමකට එළඹීම “ඉතා බුද්ධිමත්” තීරණයක් වනු ඇති බවයි.
Post Views: 3
Previous Post

ඉඩම් රාජකාරිවලට එල්ල වන දේශපාලන බලපෑම්වලට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් විරෝධය

Next Post

බාල බෙහෙත් නඩුව 12 වන චූදිතගේ උපදෙස් මත විමර්ශන කළ බව ඖෂධ ඇගැයීම් නිලධාරිනිය සාක්ෂි දෙමින් පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

20 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

20 February 2026
ප්‍රකට හොලිවුඩ් නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට හොලිවුඩ් නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

20 February 2026
අනුෂ පැල්පිටට ඇප ලැබැයි නඩුව මැයි මාසය දක්වා කල් තැබේ

අනුෂ පැල්පිටට ඇප ලැබැයි නඩුව මැයි මාසය දක්වා කල් තැබේ

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

20 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved