හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය දරන උත්සාහයට එරෙහිව අතිශය දැඩි හමුදාමය ක්‍රියාමාර්ග ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සිය ‘Truth Social’ ගිණුම හරහා අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ, එම තීරණාත්මක මුහුදු මාර්ගය විවෘතව තබා ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් ඉරාන වෙරළ තීරයට දැඩි ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කරන බවයි.
මෙම ආරක්ෂක මෙහෙයුම සඳහා චීනය, ජපානය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය වැනි රටවල සහාය අපේක්ෂා කරන බවත්, ඕනෑම තර්ජනයක් හමුවේ සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමට අමෙරිකාව පෙරමුණ ගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














