ඉරානයේ තෙල් අපනයනයෙන් 90%ක්ම සිදුවන කර්ග් (Kharg) දූපතේ තෙල් යටිතල පහසුකම් ඉලක්ක කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනයට බාධා කිරීමට ඉරානය කටයුතු කළහොත් මෙම දැඩි තීරණය ගන්නා බව ඔහු පවසා තිබේ. මේ වන විටත් අමෙරිකානු ප්‍රහාර හමුවේ එම දූපතේ හමුදා ඉලක්ක රැසක් විනාශ වී ඇති බව වාර්තා වේ.
මේ අතර ඉරානය ප්‍රකාශ කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ පවතින අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන සහ වරායන් නීත්‍යානුකූල ඉලක්ක බවයි. එම ප්‍රදේශවලින් වහාම ඉවත් වන ලෙස ඔවුන් සිවිල් වැසියන්ට දැනුම් දී තිබේ. යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානය විසින් බැලැස්ටික් මිසයිල 294ක් සහ ඩ්‍රෝන යානා 1,600කට අධික සංඛ්‍යාවක් මුදාහැර ඇති බව වාර්තා වන අතර, මැදපෙරදිග පුරා පැතිර යන මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 2,000ක් ඉක්මවා තිබේ.














