අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් ධවල මන්දිරයේදී සුවිශේෂී වටමේස සාකච්ඡාවක් ඊයේ (06) පැවැත්වුණා. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ අමෙරිකානු විද්‍යාලීය ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ක්‍රීඩකයන්ගේ නම, රූපය සහ පෙනුම වෙනුවෙන් ගෙවනු ලබන (Name, Image, and Likeness – NIL) දැවැන්ත මුදල් ප්‍රමාණයන් පිළිබඳවයි. වයස අවුරුදු 17ක පමණ තරුණ ක්‍රීඩකයන් වෙනුවෙන් ඩොලර් මිලියන 12 සිට 14 දක්වා වන අතිවිශාල මුදල් වැය කිරීම “පිස්සුවක්” ලෙස ජනාධිපතිවරයා මෙහිදී හඳුන්වා දුන්නා.
මෙම සාකච්ඡාව සඳහා NCAA සභාපති චාලි බේකර්, NBA කොමසාරිස් ඇඩම් සිල්වර් සහ සුප්‍රකට ESPN විශ්ලේෂක නික් සේබන් වැනි ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රබලයන් රැසක් සහභාගී වුණා. ඉතා සාර්ථක විද්‍යාල පවා කෙටි කාලයක් තුළ විශාල මුදලක් අහිමි කරගනිමින් සිටින බවත්, මෙම තත්ත්වය ඉදිරියේදී තවත් දරුණු විය හැකි බවත් ජනාධිපති ට්‍රම්ප් මෙහිදී අවධාරණය කළා.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡාව සඳහා ඇරයුම් ලැබූවත් ටයිගර් වුඩ්ස්, බ්‍රයිසන් ඩෙෂැම්බෝ සහ ටිම් ටෙබෝ වැනි ප්‍රකට ක්‍රීඩා තරු රැසකට විවිධ හේතූන් මත සහභාගී වීමට නොහැකි වී තිබෙනවා. මැදපෙරදිග යුද අර්බුදය මධ්‍යයේ වුවද අමෙරිකාවේ අභ්‍යන්තර ක්‍රීඩා ආර්ථිකය පිළිබඳව ජනාධිපතිවරයා මෙලෙස සෘජුව මැදිහත් වීම ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.














