ශ්‍රී ලංකාවෙන් වසරකට ක්ෂය රෝගීන් 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවත්, ඉන් සියයට 45ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත් ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි. ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ මිසායා කාදර් මහත්මිය සඳහන් කළේ මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල, වනාතමුල්ල සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශ ක්ෂය රෝග ව්‍යාප්තිය අතින් වැඩි අවදානමක් පවතින ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවයි. පසුගිය වසරේ වාර්තා වූ රෝගීන් 8,726 දෙනාගෙන් සියයට 75ක්ම පෙනහලුගත ක්ෂය රෝගීන් වන අතර ඉන් 5,500ක් පමණ රෝගය තවත් අයෙකුට බෝ කළ හැකි මට්ටමේ පසුවන්නන් බව ද අනාවරණය විය. මාර්තු 24 වනදාට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
















