ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ටක්සන් (Tucson) නුවර පිහිටි පාර්ක් ප්ලේස් (Park Place) සාප්පු සංකීර්ණය තුළ ඊයේ (18) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. සාප්පු සංකීර්ණයේ ආහාර අංගනය (Food Court) තුළදී එක් අයෙකුගේ මුහුණට වෙඩි වැදී ඇති අතර, අනෙක් පුද්ගලයා වෙඩි වැදුණු තුවාල සහිතව සාප්පු සංකීර්ණයේ වෙනත් ස්ථානයක සිටියදී සොයාගෙන ඇත. සිද්ධියත් සමඟ ප්‍රදේශයේ දැඩි භීතියක් හටගත් අතර ටක්සන් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එම ස්ථානයට කැඳවා තිබේ. තුවාල ලැබූවන්ගේ තත්ත්වය අසාධ්‍ය බව වාර්තා වන අතර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.














