බටහිර තුර්කියේ අද (25) අලුයම සිදු වූ ගුවන් අනතුරකින් තුර්කි ගුවන් හමුදාවට අයත් F-16 ප්‍රහාරක ජෙට් යානයක නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කර තිබේ. පුහුණු ගුවන් ගමනක් සඳහා දේශීය වේලාවෙන් අලුයම 1:00ට පමණ ගුවන්ගත වූ මෙම යානය, මඳ වේලාවකින් රේඩාර් පද්ධතියෙන් ඉවත් වී ඇති අතර පසුව එය කඩා වැටී ගිනිගෙන ඇති බව වාර්තා වේ. අනතුර සිදු වූ වහාම සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ ද, යානය පැදවූ නියමුවා බේරා ගැනීමට නොහැකි වී ඇති අතර යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.














