මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් ගමන් අවහිර වී සිටින සංචාරකයින්ට සහ ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට පහසුකම් සැලසීම සඳහා ඉස්තාන්බුල් සහ කොළඹ අතර ගුවන් වාර සංඛ්‍යාව සතියකට අතිරේක වාර දෙකකින් (02) ඉහළ නැංවීමට ටර්කිෂ් එයාර්ලයින්ස් තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පැවැති රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ගත් මෙම තීරණයට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය කඩිනමින් අනුමැතිය ලබා දී ඇත.
මේ අතර, පවතින ගෝලීය අර්බුදකාරී තත්ත්වය හමුවේ විදේශීය ගුවන් සමාගම්වලට සිය ගුවන් යානා නවතා තැබීමේ (Parking) පහසුකම් ලබා ගැනීමට හෝ මෙහෙයුම් සිදු කිරීමට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (MRIA) භාවිතා කරන ලෙස රජය ආරාධනා කර තිබේ. මත්තල ගුවන්තොටුපොළේ ගුවන් යානා 08ත් 10ත් අතර ප්‍රමාණයක් එකවර නවතා තැබීමේ පහසුකම් පවතින අතර, මැදපෙරදිග ගුවන් සීමා අවහිර වීම් හමුවේ එම ගුවන්තොටුපොළ විකල්ප මධ්‍යස්ථානයක් ලෙස ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාව පවතී.














