තුර්කි රජයේ නව අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කරන ලද අකීන් ගුර්ලෙක් (Akin Gurlek) මහතා එම ධුරයේ දිවුරුම් දීමට සූදානම් වූ අවස්ථාවේදී එරට පාර්ලිමේන්තුව තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් සහ ගැටුමක් හටගෙන තිබේ. තුර්කි විපක්ෂය මෙම පත්වීමට දැඩි විරෝධය පළ කිරීම මෙම ගැටුමට මුල් වී ඇත.
මෙලෙස අමාත්‍ය ධුරයට පත් වූ අකීන් ගුර්ලෙක් මීට පෙර එරට ප්‍රධාන අභිචෝදකවරයා ලෙස කටයුතු කර ඇති අයෙකි. ඔහු එම ධුරය දැරූ සමයේදී ජනාධිපති රෙසිප් එර්දොවාන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවට ඔහුට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී තිබේ. විපක්ෂය සිය විරෝධය එල්ල කරන්නේ එම අතීත ක්‍රියාකලාපයන් පදනම් කරගනිමිනි.














