TVS Lanka පුද්ගලික සමාගම සිය නවතම TVS Sport 110 යතුරුපැදිය ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. ‘Milage King’ ලෙස හඳුන්වනු ලබන මෙම යතුරුපැදියේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ ඉන්ධන ලීටරයකට කිලෝමීටර 80ක ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා දීමට සමත් වීමයි.
මෙම නවතම යතුරුපැදියේ ඇති විශේෂාංග සහ තාක්ෂණික කරුණු මෙසේය. 110cc Duralife එන්ජිමකින් සමන්විත මෙය, 100cc කාණ්ඩයේ ET-Fi (Eco-Thrust Fuel Injection) තාක්ෂණය සහිත ප්‍රථම යතුරුපැදිය ලෙස ඉතිහාසයට එක් වේ. එසේම ආරක්ෂාව වෙනුවෙන් side stand indicator සහ synchronised braking technology (SBT) වැනි නවීන අංගයන්ගෙන් ද මෙය සමන්විත කර ඇත.
පාරිභෝගිකයාගේ පහසුව සඳහා වසර 5ක හෝ කිලෝමීටර 76,000ක වගකීම් කාලයක් ලබා දෙන බව TVS Lanka සමාගම පවසයි. ශ්‍රී ලංකාවේ මාර්ග තත්ත්වයන්ට ගැලපෙන පරිදි පොළව මට්ටමේ සිට 175mm ක උසකින් යුක්ත වන මෙම යතුරුපැදිය Black Neon සහ Grey Red යන වර්ණ දෙකෙන් දිවයින පුරා පිහිටි TVS අලෙවි ජාලය හරහා දැන් මිලදී ගත හැකිය.
දිවයින පුරා ස්ථාපිත කර ඇති අමතර කොටස් මධ්‍යස්ථාන 400කට අධික සංඛ්‍යාවක් හරහා අලෙවියෙන් පසු සේවා ඉතා අඩු පිරිවැයකින් ලබා දීමට කටයුතු යොදා ඇති බව ද සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.














