පයාගල ප්‍රදේශයේදී අද උදෑසන කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූවන් අතරින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි. මීට පෙර වාර්තා වූයේ පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත්, එම අනතුර හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බවත්ය. කෙසේ වෙතත්, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉතිරි පුද්ගලයා තවමත් ප්‍රතිකාර ලබමින් සිටී. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු දැනට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.














